Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සී. එච්. පිල හයවැනි ජය ලබයි

සී. එච්. පිල හයවැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේ තරග ආරම්භ කරමින් රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී අද (18) පැවැති තරගයේදී ලකුණු 29-22 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල සමත් විය.

මෙය සී. එච්. පිල මෙවර තරගාවලියේ තරග දහයෙන් ලැබූ හයවැනි ජයග්‍රහණය වන අතර සී. එච්. පිල ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

ජයග්‍රාහි සී. එච්. පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු ලැබීය. ගුවන් හමුදා පිලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු එකතු විය.  තරගයේ පළමු අර්ධය අවසන් වන විට සත්කාරක ගුවන් හමුදා පිල ලකුණු 17-14 ක් ලෙස ලකුණු තුනකින් පෙරමුණේ පසුවිය.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ගුවන් හමුදා පිල මෙහිදී ප්‍රබල සී. එච්. පිලට හොඳ අභියෝගයක් යොමු කිරීම කැපී පෙනුණි. ගුවන් හමුදාව දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් පමණක් සම්පූර්ණ කළේය.

රෝහිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් සී. එච්. පිල දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් තුනක් සම්පූර්ණ කරමින් පෙරමුණට පැමිණියේය.

මෙම තරගයට ද සී. එච්. පිලේ නිත්‍ය නායක යෝෂිත රාජපක්‍ෂ සහභාගි නොවීය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ

- 048


අදහස් (0)

සී. එච්. පිල හයවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.