Last Update  :  2025-05-02 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සී. ආර්. මිදුලේදීම පොලීසියෙන් ප්‍රහාරයක්

සී. ආර්. මිදුලේදීම පොලීසියෙන් ප්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 21-18 කින් සත්කාරක සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. මෙම තරගය අද (05) පස්වරුවේ ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී පැවැත්විණ.

පොලිස් පිල පළමු වටයේදී තරග දෙකක් පමණක් ජය ලබා හයවැනි ස්ථානයට පත්වූ අතර සී. ආර්. පිල තරග හතරක් ජය ලබා තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියේය.  හයවැනි ස්ථානයේ සිටි පොලිසියෙන් සී.ආර්. මිදුලේදීම වැදුණේ බලාපොරොත්තු නොවූ ප්‍රහාරයකි.

පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 9-7 ක් ලෙස ලකුණු දෙකකින් ඉදිරියෙන් සිටිමින් ප්‍රබල සී. ආර්. පිලට හොඳ අභියෝගයක් යොමු කළේය.

පොලිස් පිලට තරගයේ දෙවැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර සචිත් සිල්වා සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

සුමුදු රන්කොත්ගේ පස්වැනි මිනිත්තුවේදී ගෝල සීමාව ආක්‍රමණය කළ අතර රීසා රෆයිඩීන් එයට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ සී. ආර්. පිල ලකුණු 7-3 ක් ලෙස පළමු වරට ඉදිරියට පැමිණියේය. පොලිස් පිලට 16 වැනි සහ 31 වැනි මිනිත්තුවලදී ලැබුණු දඩුවම් පහර සචිත් සිල්වා සහ ජනිත් චන්දිමාල් සාර්ථක කිරීමෙන් ලකුණු 9-7 ක් ලෙස පොලිසිය නැවතත් පෙරමුණ ගත්තේය.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩක ඔමල්ක ගුණරත්න දෙවැනි අර්ධයේ අටවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් සී. ආර්. පිල ලකුණු 12-9 ක් ලෙස නැවතත් ඉදිරියට ඇදුණේය.

සචිත් සිල්වා 12 වැනි මිනිතත්ුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් පොලීසිය ලකුණු තත්ත්වය 14-12 ක් බවට පත්කරමින් සී. ආර්. පිලට පීඩනය වැඩි කළේය.

තරින්ද රත්වත්තේ මිනිත්තු 10 ක් තුළ දඩුවම් පහර දෙකක් සාර්ථක කරමින් දෙවැනි අර්ධයේ 30 වැනි මිනිත්තුව වන විට ලකුණු 18-14 ක් ලෙස සී. ආර්. පිල නැවතත් ඉදිරියෙන් තැබීය.

ශානක හරිස්චන්ද්‍ර තරගයේ අවසන් මිනිත්තුවේදී සී. ආර්. ක්‍රීඩකයන් අන්ද මන්ද කරමින් ගෝල සීමාවේ තිබූ පන්දුව ජනිත් චන්දිමාල් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 21-18 ක් ලෙස පොලිස් පිල පෙරළිකාර ජය තහවුරු කරගත්තේය.

 

ඡායාරූප - ගයාන් අමරසේකර

 


අදහස් (0)

සී. ආර්. මිදුලේදීම පොලීසියෙන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.