ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු තරගාවලිය ලෙස අද (06) අවසන් වූ චීන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව සිවුවැනි තැනට පත්විය.
කුසලාන ශූරතා තෙවැනි ස්ථානය සදහා වන පැවැති තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 24-7 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට දකුණු කොරියාව ලකුණු 12-0 ක් ලෙස පෙරමුණේ ගත්තේය. ජයග‍්‍රාහි දකුණු කොරියාව ගෝල 2 කින් සහ උත්සහක දිනුම් 2 කින් ලකුණු ලැබීය. ශ්‍රී ලංකාව ගෝලයකින් ලකුණු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.