Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙස්ලි විද්‍යාලය ලකුණු 23-13 කින් පරාජයට පත්කළ ශාන්ත පීතර විද්‍යාලය ‘මයිලෝ ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසකම් ලබා ගැනීමට අද (24) සමත් විය.
මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය පරාජයට පත් කරමින් ශාන්ත ජෝශප් විද්‍යාලය ඊයේ (23) අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර මේ මස 30 වැනිදා කණ්ඩායම් 2ම කොළඹ තුරග තරග පිටියේදී අවසන් මහ තරගයට මුහුණ දීමට නියමිතය.
සුගතදාස ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වී මිනිත්තු 2ක් යාමට මත්තෙන් පීතර විද්‍යාලයට දඬුවම් පහරක් ලබාදුන් අතර එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් පීතර විද්‍යාලයේ කේ.පී. විමලදාස ලකුණු එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය. කණ්ඩායම් දෙකම තරගය ආරම්භයේ සිටම කරටකර සටනක නිරත වුවත්, එයින් වැඩි ප්‍රයෝජන ලබා ගැනීමට ශාන්ත පීතර විද්‍යාලයට හැකිවිය. තරගයේ 8වැනි මිනිත්තුවේදී වෙස්ලි විද්‍යාලයට බලාපොරොත්තුවක් ගෙනදුන් අංක 15 දරන ක්‍රීඩක එම්.එම්. සුබයිර් ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරලමින් ලකුණු 7-3 ක් ලෙස වෙස්ලි විද්‍යාලය පෙරමුනේ තැබීය.
19 වැනි මිනිත්තුවේදී නැවතත් තරගයට අවතීර්ණ වූ පීතර විද්‍යාලයේ ඊ.එස්.එන් සිල්වා ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරලීමට කේ.පී. විමලදාසට හැකියාව ලැබිණ. එකී ලකුණු සංඛ්‍යාවත් සමගින් පළමු භාගය අවසානයේ ලකුණු 10-7 ක් ලෙස පෙරමුණ ගැනීමට පීතර විද්‍යාලය සමත් විය.
තරගයේ දෙවන භාගය ආරම්භ වී විනාඩි කිහිපයක් යාමට මත්තෙන් වර්ෂාවෙන් බාධා පැමිණියත් වර්ෂාව මැද්දේ ජයග්‍රහණය සොයාගිය ශාන්ත පීතර විද්‍යාලයේ එෆ්.එෆ් අබ්දුල්ලා ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරලීමට කේ.පී. විමලදාස සමත් විය. ලකුණු පුවරුවේ ලකුණු 17-7 ක් ලෙස පෙරමුණ ලබාසිටියදී, වෙස්ලි විද්‍යාලයට ලබාදුන් දඬුවම් පහරත් සමගින් වෙස්ලි විද්‍යාලයේ ලකුණු පුවරුව 10 දක්වා ඉහළ ගියේය.
තරගයේ අවසන් විනාඩි කිහිපය තුළදී, නැවතත් දඬුවම් පහර ද්විත්වයක් පීතර විද්‍යාලයට හිමිවීමත් සමඟ එය සාර්ථකව ගෝල කණු මැදින් පතිත කළ පීතර විද්‍යාලයේ කේ.පී. විමලදාස ලකුණු 23 දක්වා කණ්ඩායම ඔසවා තබමින් ජනාධිපති කුසලාන අවසන් මහ තරගයට සුදුසකම් ලබා ගැනීමට අඩිතාලම කැපීය.
ශාන්ත පීතර විද්‍යාලය මේ වන විට ජනාධිපති කුසලාන 4කදී, ශූරයන් බවට පත්වී ඇති අතර ඔවුන් සමග අවසන් තරගයේදී, මුණගැසෙන ශාන්ත ජෝශප් විද්‍යාලය ශූරතාවය දිනාගැනීමට හැකි වී ඇත්තේ එක් වතාවක් පමණි.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.