Last Update  :  2025-05-02 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග දෙකම දිනති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග දෙකම දිනති

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි මාලාවේ තෙවැනි සහ අවසන් අදියර ලෙස කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (13) ආරම්භ වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ තරග දෙකම ජය ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද දිනයේ අවසන් තරගයේදී ලකුණු 43-0 ක් ලෙස පහසුවෙන් චීන තායිපේ පිල පරාජය කිරීමට සමත් වූහ.

එහිදී චීන තායිපේ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගෝල සීමාව ආක්‍රමණය කරන ආකාරය දෙස බලාසිටීමට පමණක් සිදුවිය. එහිදී ශ්‍රී ලංකා පිල උත්සාහක දිනුම් 7 ක් සම්පූර්ණ කළ අතර ඉන් හතරක් ගෝල බවට ප්‍රවර්ථනය කළේය.

එහිදී කෙවින් ඩික්සන් සහ ගයාන් වීරරත්න උත්සාහක දිනුම් දෙක බැගින් ද, කවිඳු පෙරේරා, ධනුෂ්ක රංජන් සහ දනූෂ් දයාන් උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කිරීමට සමත් වූහ.

කෙවින් ඩික්සන් ගෝල ප්‍රවර්ථන දෙකක් ද, නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ සුදම් සූරියආරච්චි ගෝල ප්‍රවර්ථනය බැගින් ද, සාර්ථක කළහ.

ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 19-12 කින් චීනය පරාජය කළේය. එහිදී ශ්‍රී ලංකා පිල ගෝල දෙකක් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.

දනූෂ් දයාන්, ධනුෂ්ක රංජන් සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර එහිදී ශ්‍රී ලංකා පිලට උත්සාහක දිනුම් එකතු කළහ. සුදම් සූරියබණ්ඩාර ගෝල ප්‍රවර්ථන දෙක සාර්ථක කළේය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පළමු වටයේ සහභාගි වන අවසන් තරගය හොංකොං පිලට එරෙහිව හෙට (14) පස්වරු 12.12 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා පිල අද පස්වරුවේ සහභාගි වූ තරගයේදී ලකුණු 26-10 කින් දකුණු කොරියාව පරාජය කිරීමට සමත් විය.

එහිදී තනූජා වීරක්කොඩි කැපී පෙණෙන දස්කම් දක්වමින් මීටර 50 පමණ දුවමින් උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි. අයේෂා කළුආරච්චි ද උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කරමින් ගෝල ප්‍රවර්ථන තුනක් ද සාර්ථක කළාය.

එහිදී අයේෂා කළුආරච්චි ගෝල ප්‍රවර්ථනය සඳහා විශේෂ හැකියාවක් දැක්වීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා කාන්තා පිල පෙරවරුවේ පැවැති පළමු තරගයේදී හොංකොං පිල හමුවේ ලකුණු 29-0 ක පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකා කාන්තා පිලේ අනුෂා අත්තනායක සහ සංදිකා හේමකුමාරි යන ක්‍රීඩිකාවන් ඊයේ තරගවලදී ආබාධයන්ට ලක්වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූහ.  

 

ශ්‍රී ලංකා කාන්තා පිල පළමු වටයේ සහභාගි වන අවසන් තරගය ප්‍රබල ජපන් පිලට එරෙහිව හෙට (14) පෙරවරු 10.44 ට ආරම්භ වීමට නියමිතය.  
පළමු දිනයේ තරග අවසන් වන විට පිරිමි තරගාවලියේ ශ්‍රී ලංකාව, ජපානය, හොංකොං සහ පිලිපීනය අපරාජිතව සිටියේය.
කාන්තා තරගාවලියේ චීනය, කසකස්තානය සහ ජපානය පළමු දිනය අවසන් වන විට අපරාජිතව සිටියේය.      
තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය වන හෙට (14) තරග පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතය.

පළමු දිනයේ තරග ප්‍රතිඵල
පිරිමි තරගාවලිය
● පිලිපීනය විසින් ලකුණු 34-5 කින් දකුණු කොරියාව පරාජය කරන ලදී
● ජපානය විසින් ලකුණු 61-0 කින් මැලේසියාව පරාජය කරන ලදී
● ශ්‍රී ලංකාව විසින් ලකුණු 19-12 කින් චීනය පරාජය කරන ලදී
● හොංකොං විසින් ලකුණු 71-5 කින් චීන තායිපේ පරාජය කරන ලදී
● පිලිපීනය විසින් ලකුණු 24-19 කින් මැලේසියාව පරාජය කරන ලදී
● ජපානය විසින් ලකුණු 40-0 කින් දකුණු කොරියාව පරාජය කරන ලදී
● හොංකොං විසින් ලකුණු 47-7 කින් චීනය පරාජය කරන ලදී
● ශ්‍රී ලංකාව විසින් ලකුණු 43-0 කින් චීන තායිපේ පරාජය කරන ලදී

 

කාන්තා තරගාවලිය
● චීනය විසින් ලකුණු 35-0 කින් තායිලන්තය පරාජය කරන ලදී
● කසකස්තානය විසින් ලකුණු 41-0 කින් සිංගප්පූරුව පරාජය කරන ලදී
● හොංකොං විසින් ලකුණු 29-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී
● ජපානය විසින් ලකුණු 46-0 කින් දකුණු කොරියාව පරාජය කරන ලදී
● තායිලන්තය විසින් ලකුණු 14-0 කින් සිංගප්පූරුව පරාජය කරන ලදී
● කසකස්තානය සහ චීනය අතර තරගය සමව (0-0) අවසන් විය.
● ශ්‍රී ලංකාව විසින් ලකුණු 26-10 කින් දකුණු කොරියාව පරාජය කරන ලදී

● ජපානය විසින් ලකුණු 31-7 කින් හොංකොං පරාජය කරන ලදී

 

 

ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර පැවැති පිරිමි රග්බි තරගයෙන් ....

 

 

ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවැති  පිරිමි රග්බි තරගයෙන් ....

 

 

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පැවැති කාන්තා රග්බි තරගයෙන් ....

 

 

ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පැවැති කාන්තා රග්බි තරගයෙන් ....

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග දෙකම දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.