Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හොං කොං සත් සාමාජික කාන්තා තරගාවලියේදී තායිලන්ත පිල ලකුණු 22-10 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ ශූරතාව දිනාගත්හ. පළඟ අවසන් තරගයේ විවේක කාලයට පෙර මෙන්ම පසුවද විශිෂ්ඨ ධාවනයක නිරත වූ දුලානි පල්ලිකොන්දගේ මෙම ජයග්‍රහණයේ නියමුවරිය වූවාය.
|
තීක්‍ෂණා ලියනගේ විසින් ලබාගන්නා ලද උත්සාක දිනුමක් අයෙෂා කළුආරච්චි විසින් ප්‍රවර්ථනය කරනු ලැබීමත් සමගින් වසර තුනකට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම ක්‍රීඩාංගණයේදී කළ දස්කම නැවත වරක් එලෙසින්ම කළහ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකවන් දුලානි පල්ලිකොන්දගේ වේගය මත යැපුණු ආකාරයක් දැකගත හැකිවිය. ඇයට පන්දුව ලැබුණු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂා කළ ප්‍රතිඵල ලැබිණ.
කෙසේ වෙතත් අද (15 වැනිදා) දිනය ආරම්භ වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් බලාපොරොත්තු වූ ආකාරයෙන් නම් නොවේ. චීනය සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලට අත්වූයේ 36-00 ක දරුණු පරාජයකි. එහෙත් දකුණු කොරියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 21-15 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළඟ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. එහිදීත් දුලානි පල්ලිකොන්දගේගේ විශිෂ්ඨ ධාවනය ශ්‍රී ලංකා පිලේ වාසියට හිටියේය. අය උත්සාහක දිනුම් දෙකක් ලබාගත්තාය.
තරගයේ විවේක කාලයේදී දකුණු කොරියානුවන් 15-14 ක් ලෙසින් ඉදිරියෙන් සිටි නමුත් මීටර 50 ක පමණ දුරක් දිවගිය වාසනා වීරක්කොඩි උත්සාහක දිනුමක් තැබුවාය. තනුජා වීරක්කොඩිගේ නිවැරදි ඉලක්කයෙන් තවත් ලකුණු 2 ක් එක්වූයෙන් අවසානයේදී ලකුණු තත්ත්වය 21-15 ක් විය.
කුසලාන අවසන් තරගයේදී ජපානය විසින් ලකුණු 12-07 කින් චීනය පරජය කරන ලදි.
ඡායාරූපය : තුසිත් විජේදෝරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.