Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා පිල විදුලි ආලෝකය මධ්‍යයේ පුහුණුවීම් සැසියේදී...
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු රග්බි තරගාවලිය වන ‘ඩයලොග් සෙරන්ඩිබ්’ කුසලාන අන්තර්ජාතික තුන්කොන් රග්බි තරගාවලිය අද ආරම්භ වේ. එහි පළමු තරගය සත්කාර ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (26) පස්වරු 5.30 සිට පැවැත්වේ.
ලබන නොවැම්බර් මස 1 වැනිදා අවසන් වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, මැඩගස්කරය සහ පෝලන්තය සහභාගි වෙති. තරගාවලිය පැවැත්වෙන නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ පෙරේදා (24) පැවැති පුහුණු සැසියෙන් පසුව ‘ලංකාදීප’ ය සමග විශේෂ අදහස් දැක්වීමකට එක්වෙමින් ශ්‍රී ලංකා රග්බි පිලේ නායක නාමල් රාජපක්‍ෂ මෙසේ පැවසීය.
‘‘අපේ කණ්ඩායම සමස්තයක් වශයෙන් සමබර කණ්ඩායමක්, අපි කණ්ඩායමක් හැටියට සැළැස්මට අනුව ක‍්‍රීඩා කළහොත් මෙම තරගාවලිය පසුවෙන් ජය ගන්න පුළුවන්’’ ‘‘කණ්ඩායමේ හොඳ සූදාමක් තියෙනවා, විශේෂයෙන්ම තරුණ ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ වැඩි අවස්ථාවක් ලබාදී තිබෙනවා. 2015 ප‍්‍රධාන පස්කොන් තරගාවලියට සහභාගි වීම සඳහා අපිට අත්දැකීම් අවශ්‍යයි. ඒ සඳහා තරුණ ක‍්‍රීඩකයන්ට අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව මෙම තරගාවලියේදී ලැබෙනවා. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් හැටියට මමත්, ෆාසීල්, ලියනගේ ඇතුළු ක‍්‍රීඩකයන් කීපදෙනෙකුත් කණ්ඩායමේ ඉන්නවා’’
මැඩගස්කරයට එරෙහිව පැවැත්වෙන පළමු තරගයේ සූදානම පිළිබඳව නාමල් මෙසේ පැවසීය.
‘‘අපි මැඩගස්කරය සමග තරගය පිළිබඳව පමණයි, පළමුව අවධානය යොමු කර තිබෙන්නේ. අපේ පරිසරය සමග හොඳ තරගයක් දෙන්න පුවන් වෙයි කියලා හිතනවා. ඒ කණ්ඩායම වේගවත් කණ්ඩායමක්, මේ වන විට ඒ පිළිබඳව අධ්‍යනය කරමින් ඉන්නවා’’
‘‘මේක හොඳ ආරම්භයක්, පළමු වරටයි අපි අප‍්‍රිකාව සහ යුරෝපය සමග ක‍්‍රීඩා කරන්නේ, මේක රග්බි ක‍්‍රීඩාවට පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ සමස්ත ක‍්‍රීඩාවටම අනගි අවස්ථාවක්, රග්බි ක‍්‍රීඩාවට ආදරය කරන සහ නොකරන සියලූම ශ්‍රී ලාංකිකයන්ට මම ආරාධනා කරනවා ජාතික රග්බි කණ්ඩායම දිරිගන්වන්න ක‍්‍රීඩාංගණයට එන්න කියලා’’
මෙම තරගාවලියට සහභාගිි වන යුරෝපයට අයත් පෝලන්තය ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ 28 වැනි ස්ථානයේ ද, අප‍්‍රිකාවට අයත් මැඩගස්කරය ලෝක රග්බි ශ්‍රේණිගත කිරිමේ 44 වැනි ස්ථානයේ ද, පසු වෙති. ලෝක ශ්‍රේණිගත කිරීමේ 39 වැනි ස්ථානයේ සිට ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පිවිසෙයි.
තරගාවලියේ දෙවැනි තරගය මැඩගස්කරය සහ පෝලන්තය අතර ලබන අගහරුවාදා (29) පස්වරු 5.30 සිට පැවැත්වේ. තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ලබන සිකුරාදා (01) පස්වරු 7.30 ට ආරම්භ වේ. මෙම තරගාවලිය පැවැත්වෙන කොළඹ පැරණි තරඟ තරග පිටියට ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක මෙන් දැවැන්ත ආලෝක කුළුණු හතරකින් ආලෝකය සැපයෙන අතර එය අන්තර්ජාතික රග්බි තරගයකට සුදුසු ආකාරයෙන් සකස් කර තිබේ.
තුරඟ තරග පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලිය නැරඹීමට පේ‍්‍රක්‍ෂකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරේ.
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම:
නාමල් රාජපක්‍ෂ (නායක), එරංග ස්වර්ණතිලක, ටෙරන්ස් හෙන්ද්‍රි, දුමින්ද පුලූක්කුට්ටිආරච්චි, දුෂ්මන්ත ප‍්‍රියදර්ශන, අචල පෙරේරා, එම්. ජයලාල්, සත්‍යා රණතුංග, හසිත පෙරේරා, ඉෂාන් නූර්, සජිත් සාරංග, බිලාල් හසන්, ධනුෂ්ක පෙරේරා, ශරෝ ප‍්‍රනාන්දු, රෝහිත රාජපක්‍ෂ, රෙහාන් වීරකෝන්, කවිඳු ද කොස්තා, ෆාසීල් මරීජා, නිරෝෂන් ප‍්‍රනාන්දු, දේව් ආනන්, ප‍්‍රදීප් ලියනගේ, ලී කීගල්, දිනූෂ චතුරංග, ලවංග පෙරේරා, චාමර දාබරේ, සඳුන් හේරත්, රීසා මුබාරක් සහ නුවන් හෙට්ටිආරච්චි
- (ඡායාරෑපය - ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.