Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තුලේබ් හසන්ගේ හා මලීෂ පෙරේරාගේ විස්මිත දක්ෂතාවය නිසා අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කොළඹ සහීරා පිලට එරෙහිව ලකුණු 41-5 ලෙස තියුණු ජයක් ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (12) සමත් විය.
රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගය, ආරම්භයේ පටන්ම තමන් දෙසට තරගය නතුකර ගැනීමට රාජකීයන් සමත් වූයේ, තුලේබ් හසන්ගේ පළමු උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනයක් කළ මලීෂ පෙරේරාගේ ලකුණු ලබා ගැනීමත් සමගය.
නැවතත් ක්‍රියාත්මක වූ රාජකීය විද්‍යාලයේ කෙවින් සමරසේකර උත්සාහක දිනුමක් ලබාගත් අතර එයද ප්‍රවර්ථනයක් බවට පරිවර්තනය කළ මලීෂ පෙරේරා ලකුණු පුවරුව 14-0 ලෙස පෙරමුණ ලබා ගත්තේය.
රාජකීයන්ගේ පීඩනය මැද ලකුණු ලබා ගැනීම ආරම්භ කළ සහිරාවේ එම්. අම්ජාඞ් එකම උත්සාහක දිනුම ලබා ගනිමින් ලකුණු පුවරුව 19-5 බවට තම පිල රැගෙන ගියේය.
කෙසේ නමුත් පළමු කාර්තුව නිමාවීමට විනාඩි කිහිපයක් තිබියදී තුලේබ් හසන් ඔහුගේ දෙවන උත්සාහක දිනුමද ලබා ගන්ද්දී, මලීෂ පෙරේරා ඔහුගේ තෙවන ප්‍රවර්ථනයද සාර්ථක කර ගත්තේ ලකුණු පුවරුව 31-5 ලෙස රාජකීයයන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු තබමින්ය.
දෙවන කාර්තුව ආරම්භ වී විනාඩි 25 ක් යනතුරුත් කිසිදු පිලකට ලකුණු ලබා ගැනිමට නොහැකි වු අතර සහිරා පිළට ජයග්‍රහණය හීනයක් බවට පත් විය. අම්ජාඞ්ගේ උත්සාහක දිනුම හැරෙන්නට වෙන කිසිදු ක්‍රීඩකයෙකුට සහීරාවේ ලකුණු පුවරුව ඔසවා තැබීමට හැකියාවක් නොලැබුණි.
තරගයේ ජයග්‍රහණය පෙනිද්දීත් රාජකීයයෝ තවත් උත්සාහක දිනුම් අවස්ථා දෙකක් සමග ලකුණු පුවරුව 41- 5 ක් ලෙස අවසන් කළහ.
තියුණු සටනක යෙදුණු දෙවන කාර්තුවේදී සහීරා කණ්ඩායමට සිය පන්දුව ඔවුන්ගේ දේශ සිමාවටවත් රැගෙන යාමට රාජකීයන් ඉඩ ලබා නොදුන් අතර තරගය අවසානයේ තුලේබ් හසන් උත්සාහක දිනුම් අවස්ථා 3 ක් සහ මලීෂ පෙරේරා ප්‍රවර්තන 3කුත්, එක් උත්සාහක දිනුම් අවස්ථාවකුත් ලබාදෙමින් රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණයට අඩිතාලම ලබාදුන්හ.
රාජකීය විද්‍යාලය - 41
උත්සාහක දිනුම් අවස්ථා 7-
තුලේබ් හසන් (3)
කෙවින් සමරසේකර (1)
මලීෂ පෙරේරා (1)
මුබීන් ෆලීල් (1)
හිමන්ත හිරූෂන් (1)
ප්‍රවර්තන 3 -
මලීෂ පෙරේරා (3)
සහීරා විද්‍යාලය - 05
උත්සාහක දිනුම් අවස්ථා 1 –
එම් අම්ජාඞ් (1)
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.