Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භයේ සිටම අපරාජිතව පෙරමුණ ගත් කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සහ බම්බලපිටිය ශාන්ත පීත.ර විදුහල් කණ්ඩායම අතර මෙවර පාසල් රග්බි ලීග් ශූරයන් කවුරුන්දැයි තීරණය කෙරෙන අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ අවසන් සතියේ තරගය අද (09) පස්වරුවේ කොළඹ රාජකීය ක්‍රීඩා සංකිර්ණයේ දී පැවැත්වේ.
තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වී සිටින රාජකීය විදුහල් පිල පිට පිට දෙවැනි වතාවටත් ලීග් රග්බි කිරුළ දිනාගැනීමට කුරුමානම් අල්ලමින් සිටින අතර ඔවුන්ගේ ගමන් මග ආපසු හැරවීමට ශාන්ත පීතර විදුහල් පිල බලා සිටී. හෙට තරගය දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන බී.සී. ඇන්ජි අනුස්මරණ කුසලානය සඳහා වෙන් කර ඇති බැවින් උණුසුම තවත් ඉහළ ගොස් තිබේ.
වසර 8කින් පාසල් ලීග් රග්බි කිරුළ දිනා නැති ශාන්ත පීතර විදුහල් පිල මේ අනුස්මරණ කුසලානයත් 2014 වසරින් පසුව දිනා නොමැත. එබැවින් හෙට තරගයේදී රාජකීයයන්ගේ අපරාජිත බව බිඳ දමා බී.සී.ඇන්ජි කුසලානය දිනාගන්නා ගමන්ම මෙවර ලීග් රග්බි කිරුළට තට්ටු කිරීම ශාන්ත පීතර විදුහල් පිලේ අදිටන වී තිබේ.
පසුගිය සතිය දක්වා අපරාජිතව සිටි ශාන්ත පීතර විදුහල් පිල මරදාන ශාන්ත ජෝශප් විදුහල් පිල හමුවේ පරාජයට පත්වීමෙන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ තුන්වැනි තැනය. දෙවැනි තැන සිටින ශාන්ත ජෝශප් විදුහල් පිල ද කුසලානයට කුරුමානම් අල්ලමින් සිටින බැවින් හෙට ඇරෑඹෙන තීරණාත්මක තරග වටය කුසලානය සඳහා තුන්කොන් සටනක් බවට පත් කර තිබේ.
සාබිත් ෆෙරෝස් මෙහෙයවනු ලබන රාජකීය විදුහල් පිලේ විශිෂ්ට ක්‍රීඩා රටාව තුලේබ් හසන්, ජනිඳු ඩිල්ෂාන්, මුබීන් ෆලිල්, දුලාන් ගුණවර්ධන, හිමන්ත හිරුෂාන් ශක්තිමත් කරද්දී ජවේඞ් සරූක් මෙහෙයවන ශාන්ත පීතර විදුහල් පිල ජුලියන් චාල්ස්, කෙනත් විමලදාස, ජේසන් කරුණාරත්න, නිස්රාන් නිලාර් සහ ඩිල්ෂාන් මධුසංඛ මත වැඩි විශ්වාසය තබා ඇත.
හෙට පැවැත්වෙන තරග
රාජකීය - ශාන්ත පීතර කණ්ඩායම් අතර තරගය රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී
වෙස්ලි - කිංග්ස්වුඞ් කණ්ඩායම් අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේදී
සහිරා - ත්‍රිත්ව කණ්ඩායම් අතර තරගය පල්ලෙකැලේ පිටියේදී
අනිද්දා පැවැත්වෙන තරගය
ශාන්ත ජෝශප් - ඉසිපතන කණ්ඩායම් අතර තරගය හැව්ලොක්ස් පිටියේදී
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.