Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් සෙරන්ඩිබ්’ කුසලාන අන්තර්ජාතික තුන්කොන් රග්බි තරගාවලිය ආරම්භ කරමින් කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (26) පස්වරුවේ පැවැති තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 17-12 ක තියුණු ජයක් ලැබීමට මැඩගස්කර ක‍්‍රීඩකයෝ සමත් වූහ.
විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති මෙම තරගයේදී ජයග‍්‍රාහි මැඩගස්කර පිල ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලැබූ අතර ශ්‍රී ලංකා පිලට දඩුවම් පහර හතරකින් ලකුණු එකතු විය. තරගය දෙපිලට වරින් වර දෝලනය විය. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ජයග‍්‍රහණය සඳහා අවසන් මොහොත දක්වා දැඩි සටනක නිරත වූහ.
රකටොපොවේලෝ බෙන්ජා දෙවැනි අර්ධයේ 39 වැනි මිනිත්තුවේදී විශිෂ්ට ලෙස සම්පූර්ණ කළ උත්සාහක දිනුම, රකටෝ හැරිසන් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු 17-12 කින් අවසන් මොහොතේ මැඩගස්කරය පෙරමුණට පැමිණියේය.
දෙවැනි අර්ධයේ 34 වැනි මිනිත්තුවේදී රීසා මුබාරක් සිවුවැනි දඩුවම් පහර සාර්ථක කිරීමත් සමග ශ්‍රී ලංකාව ලකුණු 12-10 ක් ලෙස පෙරමුණේ සිටියේය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 9-5 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ.
මැඩගස්කර ක‍්‍රීඩකයන් දෙවැනි අර්ධයේ පළමු අර්ධයට වඩා සටන්කාමී ලෙස ක‍්‍රීඩා කළ අතර බර්නාඞ් රනයිරෝ 16 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමග ලකුණු 10-9 ක් ලෙස මැඩගස්කරය පියවරක් ඉදිරියට තැබීය.
ජපන් ජාතික විනිසුරුවරයාගේ පළමු නළා හඩින් මිනිත්තු පහකට පසු රීසා මුබාරක් මීටර 35 ක් පමණ දුර සිට සාර්ථක කළ දඩුවම් පහරත් සමග ලකුණු 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ තබමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක විය.
පළමු අර්ධයේ 19 වැනි මිනිත්තුවේදී ඇලන් රකොටොරිනි උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 5-3 ක් ලෙස මැඩගස්කරය පෙරමුණට ගෙන ආවේය.
ශ්‍රී ලංකා පිලේ ගැළවුකරු වූ රීසා මුබාරක් පළමු අර්ධයේ 32 වැනි සහ 37 වැනි මිනිත්තුවල ලැබුණු දඩුවම් පහර සාර්ථක කරමින් ලකුණු 9-5 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් තැබීමට සමත් විය. මැඩගස්කරය ලෝක රග්බි ශ්‍රේණිගත කිරිමේ 44 වැනි ස්ථානයේ පසු වුවද මේ වසරේ අප‍්‍රිකානු කුසලාන රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගත් කණ්ඩායම ද වේ.
මෙම තරගාවලියේ දෙවැනි තරගය මැඩගස්කරය සහ පෝලන්තය අතර ලබන අගහරුවාදා (29) කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පස්වරු 5-30 සිට පැවැත්වේ.
(ඡායාරූපය : අමිල ගමගේ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.