Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා රග්බි සංගමයට ලබාදීමට නියමිත අනුග‍්‍රහක මුදලට වඩා වැඩි අනුග‍්‍රහක මුදලක් ලබා ගැනීමට පාසල් රග්බි සංගමයට හැකියාවක් ඇත්නම් එය පිළිගැනීමට සූදානම් බව ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අංසග සෙනෙවිරත්න මහතා පවසයි.
අනුග‍්‍රහකයන් ලබා ගැනීම පිළිබදව ශ‍්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අතර ඇති වී තිබෙන ගැටලූකාරි තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ (30 වැනිදා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා මෙසේ ද පැවසීය.
”මෙතන කිසිම ප‍්‍රශ්නයක් නෑ. අපිට අවශ්‍ය හොදම අනුග‍්‍රහකයා ලබාගැනීමයි. අපේ අනුග‍්‍රහකයාට වඩා පාසල් සංගමයේ අනුග‍්‍රහක මුදල වැඩි නම් එය පිළිගන්න අපි සූදානම්. වැඩි මුදලක් ගේන්න පුඵවන්නම් අරන් එන්න කියන්න”
”මෙහිදී අපිට අවශ්‍ය ප‍්‍රධාන වශයෙන් ඉලක්ක දෙකක් සම්පූර්ණ කර ගැනීමයි. පළමු එක හොදම අනුග‍්‍රහකයා ලබා ගැනීම. දෙවැනි එක හොද තරගාවලියක් පවත්වා රග්බි ක‍්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට ශක්තිමත් පදනමක් දමා ගැනීමයි”
”මෙය මේ වසරේ හදිසියේ කරපු දෙයක් නොවෙයි. වැඩි අනුග‍්‍රහකයකු සොයා ගතයුතු බව අපි පසුගිය වසරේ ඉඳලා කියනවා”
”එහිදී ඔවුන්ට අපි කිව්වා තරගාවලිවල පමණක් නොවයි කනිෂ්ඨ විදේශ සංචාරවලටත් එක්කම අනුග‍්‍රහකයන් සොයාගත යුතු බව. තරගාවලිවලට එක අනුග‍්‍රහකයකුත්, එම කණ්ඩායම් සහභාගි වන විදේශ තරගාවලිය සදහා වෙනත් අනුග‍්‍රහයකුත් ඉදිරිපත් වෙන්නේ නෑ. පාසල් සංගමයේ ලේකම්වරයා අපිත් සමග හැම දේටම එකග වෙලා, එළියට ගිහින් මාධ්‍යවලට කළ ප‍්‍රකාශ පිළිබදව අපිට සැකයක් ඇති වෙනවා”
”පාසල් රග්බි සංගමය පසුගිය වසරේ මිලියන 15 ක් තරගාවලිය සදහා වියදම් කළ බවට අපිට වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වසර සදහා මිලියන 36 ක ඇස්තමේන්තුවක් ලබා දුන්නා. අපි එය ලබාදීමට එකග වුණා. ඒ වගේම පරිපාලන වියදම් සදහා තවත් මිලියන දෙකක් දෙන්න පොරොන්දු වුණා. එහෙම වෙලත් මේ අයට තියන ප‍්‍රශ්නය මොකක්ද කියලා අපිට තේරුම් ගන්න බෑ”
”පාසල් සංගමය වයස 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය පෙබරවාරි මස පවත්වන්න සූදානම් කරලා. මේවා සංවිධානය කරන විට ක‍්‍රීඩකයන් ගැන වගේම ඉදිරියේ පැවැත්වෙන ජාත්‍යන්තර තරග පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි”
”අගෝස්තු මාසයේ ජාත්‍යන්තර කනිෂ්ඨ තරගාවලි දෙකක් පැවැත්වෙනවා, පෙබරවාරි මාසයේ පාසල් තරගාවලිය පැවැත්වුවාම අගෝස්තු මාසයේ තරගාවලිවලට කණ්ඩායම් තේරීමේ ගැටලූවක් බවට පත් වෙනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ පසුගිය වසර කීපයේම මව් සංගමය හැටියට පාසල් සංගමය ගැටළුවලට මුහුණ දුන් අවස්ථාවලදී ඒවා නිරාකරණය කර ගැනීමට සහය දැක්වූ බවත් ඇතැම් පාසල් අධිකරණයේදී පාර්ශ්ව හැටියට ජාතික සංගමය නම් කිරීම නිසා මේ වන විටත් නිකරුණේ නීතිඥ ගාස්තු ගෙවීමට සිදුව ඇති බවයි.
”ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව ක‍්‍රියාත්මක වෙන්නේ එකම නීතිය වන ක‍්‍රීඩා පනතට අනුවයි. ඒ වගේම අපි වගකියන්නේ ජාත්‍යන්තර සංගමයටයි. පාසල් සංගමය අපේ සංගමය යටතේ පාලනය නොවන්නේ නම් පසුගිය වසරේ විනිසුරුවන්ගේ ප‍්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේ අපි මැදිහත් වුණේ, අපිට අවශ්‍ය ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාව ඉදිරියට ගෙන ඒමයි”
”මේ කියන පාසල් නිලධාරීන් කරන තරගාවලිවල නියමිත ප‍්‍රමිතියක් නෑ. වයස 14 න් සහ 16 න් පහළ තරගාවල දින දෙකකින් අවසන් කරනවා. නමුත් මෙයට සහභාගි වන කුඩා ක‍්‍රීඩකයන් මාස ගණනක් පුහුණුවීම් කරනවා. ඒ වගේම ක‍්‍රීඩාංගණය දෙකට බෙදා තරග පවත්වනවා. අපි කිව්වා එය වෙනස් කළ යුතු බවට, ඔවුන් එයත් පිළිගත්තා”
”පාසල් සංගමය මාධ්‍යයට විවිධ ප‍්‍රකාශ කර තිබුණා. දරුවො වැරැුද්දක් කළොත් දෙමව්පියො දඩුවම් කළ යුතුයි. ඒත් අපි ලබන බදාදා පාසල් බලධාරීන් කැ`දවා තිබෙනවා මේ පිළිබ`දව සාකච්ඡ කරන්න, බලමු මොකද වෙන්නේ කියලා” යැයි ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් පැවසුවේ මව් සංගමය සහ පාසල් සංගමය එකතුව තරගාවලිය පැවැත්විය යුතු යන යෝජනාව ක‍්‍රීඩා අමාත්‍යංශයේ යෝජනාවකට අනුව ක‍්‍රියාත්මක වන දෙයක් බවත් තම සංගමයට ක‍්‍රීඩා ඇමතිවරයාගේ පූර්ණ සහයෝගය හිමිව ඇති බවත්ය.
මෙම මාධ්‍ය හමුවට රග්බි සංගමයේ ලේකම් රිස්වි ඉල්ලියාස් සහ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු යන මහත්වරු ද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.