Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ප්‍රධානත්වයෙන් සහ නෙස්ලේ ලංකා සමාගමේ (මයිලෝ) පූර්ණ දායකත්වයෙන් පවත්වනු ලබන ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශාන්ත පීතර සහ ශාන්ත ජෝශප් විදුහල් අතර අවසන් මහ තරගය හෙට (30) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 45-17 කින් ජයගත් ශාන්ත ජෝශප් විද්‍යාලය, අවසන් පූර්ව වටයේදී ලකුණු 23-10 කින් මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයද පරාජයට පත්කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.
මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින ශාන්ත පීතර විද්‍යාලයද, අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 39-12 කින් පරාජය කරනු ලැබීය. අවසන් පූර්ව වටයේදී ලකුණු 23-13 කින් කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජයට පත්කරමින් ශාන්ත පීතර විද්‍යාලය අවසන් මහ තරගයට ප්‍රවිශ්ට විය.
මෙතෙක් පවත්වා ඇති තරගාවලි 33න් අවස්ථා 10කදීම කොළඹ ඉසිපතන විද්‍යාලය ශූරයන් බවට පත්වෙද්දී, ශාන්ත පීතර විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අවස්ථා 5 බැගින් ශූරතාවය දිනා ඇත. මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ශාන්ත ජෝශප් විද්‍යාලය පසුගිය වසරේ ශූරයන් බවට පත්විය.
ගියවර මෙන්ම මෙවරද විදුලි ආලෝකය මධ්‍යයේ හෙට ප.ව 6.00 ට අවසන් තරගය කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.