Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකිමේ තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය අතර ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24-15 ලෙස ජයගත් මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. මෙම තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
තරගය ආරම්භයේදීම, ත්‍රිත්ව ක්‍රීඩකයෝ කිංග්ස්වුඞ් ක්‍රීඩකයින්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් තරගයට අවතීර්ණ විය. ත්‍රිත්ව විද්‍යාලයේ අකිත සකලසූරිය ලබාගත් දඩුවම් පහර සාර්තක කරගනිමින් ලකුණු 3-0 ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විද්‍යාලයට ආරම්භයේදීම සමත්විය.
ත්‍රිත්වයන් හා කරටකර තරගයක් ලබාදුන් කිංග්ස්වුඞ් විද්‍යාලයේ ජනිත රාජනායක පළමු උත්සාහක දිනුම ලබාගත් අතර, හිරූෂ සම්පත් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් ලකුණු 7-3ක් ලෙස කිංග්ස්වුඞ් විද්‍යාලය පෙරමුණේ තැබුවේය.
ආරම්භයේදීම තරගය දැඩි උණුසුමක් ගත් අතර දෙපිළම කරට කර ලකුණු ලබා ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මහත් ප්‍රයත්නයක් දැරීය. කිංග්ස්වුඞ් විද්‍යාලයේ ආරක්ෂක වළල්ලේ හිඩැසෙන් ප්‍රයෝජන ලබාගත් ත්‍රිත්ව විද්‍යාලයේ රොෂාන් බණ්ඩාරණායක ත්‍රිත්ව විද්‍යාලයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු 8-7 ක් ලෙස පෙරමුණේ තැබුවේය.
පළමු භාගය නිමා වීමට මිනිත්තු 10 ක් තිබියදී, පන්දුව ලබාගත් කිංග්ස්වුඞ් විද්‍යාලයේ ආසිරි සෙනවිරත්න සාර්ථක උත්සාහක දිනුමක් ලබා ගත්තේය. එය ගෝලයක් බවට හැරවූ හිරූෂ සම්පත් ලකුණු 14-8 ක් ලෙස පළමු භාගය අවසන් කළේය.
දෙවන භාගය ආරම්භ විනාඩි 3ක් යාමට මත්තෙන් නැවතත් ලකුණු ලබාගත් කිංගස්වුඞ් විද්‍යාලය ලකුණු 19-8 ක් ලෙස ලකුණු අතර පරතරය වැඩි කර ගත්තේය. 50 වැනි මිනිත්තුවේදී මහදි අබ්දුල්ලා සාර්ථක උත්සාහක දිනුමක් ලබා ත්‍රිත්ව විද්‍යාලයේ ලකුණු වැඩි කළද, කිංග්ස්වුඞ් විද්‍යාලයේ සසිත් සෙනවිරත්න 62 වැනි මිනිත්තුවේ විශිෂ්ට ධාවනයක යෙදෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. ලකුණු 24-15 ලෙස තරගය අවසන් කරමින් කිංග්ස්වුඞ් විද්‍යාලය මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිද්දී, කිංග්ස්වුඞ් විද්‍යාලයේ හිරූෂ සම්පත් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.