Last Update  :  2025-05-02 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner අගමැති කුසලාන තර්ස්ටන් විදුහලට

අගමැති කුසලාන තර්ස්ටන් විදුහලට

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව ලකුණු 52-7 ක විශිෂ්ට ජයක් ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය මෙවර අගමැති කුසලානයට හිමිකම් කීමට සමත් විය. මෙම තරගය කොළඹ තුරඟ තරග පිටියේදී අද (1 වැනිදා) පැවැත්විණ.

තරගය ආරම්භ වී මිනිත්තු 4ක් යාමට මත්තෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ තර්ස්ටන් විද්‍යාලයේ ඩී.එච්. වික්‍රමආරච්ච් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගත් ටී.එන්. ධර්මදාස තරගය ආරම්භ වී මිනිත්තු 5ක් යාමට මත්තෙන් ලකුණු 7-0 කින් පෙරමුණ ලබා ගත්තේය. නැවතත් තරගයේ 5 වැනි මිනිත්තුවේදී, ඩී.ටී. පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එය ගෝලයක් බවට පෙරලීමට ටී.එන්. ධර්මදාසට හැකියාව ලැබිණ.

නැවතත් 11වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ තර්ස්ටන් විද්‍යාලයේ එම්.ජී.එම් රිෂාන් ලබාගත් උත්සාහක දිනුමත් සමගින් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 17-0 කින් පෙරමුණේ තැබීය.

සුමංගල විද්‍යාලයේ ආරක්ෂක වළල්ලේ හිඩැසින් උපරිම ප්‍රයෝජන ලබාගත් ටී.එන්. ධර්මදාස නැවතත් 24 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ ගෝලයක්ම වාර්තා කරමින් ලකුණු 26-0 බවට පත් කළේය.

තරගයේ පළමු භාගය නිමාවීමට මිනිත්තු 5ක් තිබියදී, සුමංගල විද්‍යාලයේ එස්.ඩී. පෙරේරා ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරලීමට එම්.වීරකොන්ට හැකියාව ලැබිණ. ඒ අනුව පළමු භාගය අවසානයේ ලකුණු පුවරුවේ ලකුණු සටහන් වූයේ 31-7 ක් ලෙස තර්ස්ටන් විද්‍යාලය පෙරමුණේ තබමිනි.

දෙවන භාගය ආරම්භ වී විනාඩි 11ට පසු නැවතත් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ තර්ස්ටන් විද්‍යාලයේ කේ.එම්. නිස්මික ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරළීමට ටී.එන්. ධර්මදාසට හැකියාව ලැබිණ. ඒ අනුව ලකුණු 38-7 කින් පෙරමුණ ලබාගත් තර්ස්ටන් විද්‍යාලය, සුමංගල විද්‍යාලයට කිසිසේත් හිස එසවීමට අවස්ථාවක් ලබාදෙන පාටක් නොපෙනුණි.

පළමු භාගය අවසානයේ ලකුණු ලබා ගැනීමෙන් අනතුරුව නැවතත් සුමංගල විද්‍යාලයට ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා නොදුන් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 52-7 කින් පහසුවෙන්ම තරගය ජය ගැනීමට සමත් විය.

 

- 024

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

අගමැති කුසලාන තර්ස්ටන් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.