Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශී‍්‍ර ලංකාව දෙවැනි වටයට

ශී‍්‍ර ලංකාව දෙවැනි වටයට

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර වන සිංගප්පූරු සත් සාමාජික තරගාවලියේදී තියුණු තරගයකින් පසුව පිලිපීනය පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (9 වැනිදා) සමත් විය.

දෙවැනි වටයේ පළමු තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම චීනයට එරෙහිව තරග කිරීමට නියමිය. මෙම තරගය ඉරිදා (10 වැනිදා) සිංගප්පූරු වේලාවෙන් පස්වරු 1.15 ට (ශී‍්‍ර ලංකා වේලාවෙන් පෙරවරු 10.45 ට) පැවැත්වේ.

ශී‍්‍ර ලංකා පිල අද සහභාගි වූ දෙවැනි තරගයේදී පිලිපීනය හමුවේ ලකුණු 15-12 ක් ලෙස පසුපසින් සිටියද නායක ෆාසිල් මරීජා විසින් පන්දුව රැගෙන මීටර 80 ක් පමණ දිවයමින් වාර්තා කළ උත්සාහක දිනුම නිසා පිලිපීනයේ බලාපොරොත්තු සුන්වී ගියේය. ලකුණු 17-15 ක් වශයෙන් පිලිපීනය පරාජය කිරීමත් සමගම ශී‍්‍ර ලංකා කණ්ඩායම ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.

මරීජාගේ උත්සාහක දිනුම තීරණාත්මක වුවද මෙම තරගාවලියේදී මේ දක්වා ලකුණු 86 ක් ශී‍්‍ර ලංකාවට තිළිණ කළ ශී‍්‍රනාත් සූරියබණ්ඩාර අද දිනයේත් උත්සාහක දිනුම් දෙකක් ලබාගත්තේය. පළමු තරගයේදී ශී‍්‍ර ලංකා පිල විසින් ලකුණු 43-0 ක් ලෙස ඉන්දුනීසියානු පිල පරාජය කරන ලදි.

 


අදහස් (3)

ශී‍්‍ර ලංකාව දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.