Last Update  :  2025-10-21 23:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශී‍්‍ර ලංකාව තරග දෙකම ජයගනී

ශී‍්‍ර ලංකාව තරග දෙකම ජයගනී

ශනුක අරවින්ද - 2014 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය වූ අද (6 වැනිදා) සහභාගි වූ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තමන් අයත් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. තරගාවලියේ කුසලාන කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (7 වැනිදා) මැලේසියාවේ වේලාවෙන් දහවල් 12.00 ට මැලේසියාව සමග තරග වැදීමට නියමිතය

අද පෙරවරුවේදී පැවැති තරගයේදී කසක්ස්තාන් පිල ලකුණු 38 -17 කින් පරදවා විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පස්වරුවේදී පැවැති තරගයේදී චීනය පරාජය කරමින් ලකුනු 33-22 ක ජයක් අත්කරගත්තේය. දෙවැනි තරගයේ පළමු අර්ධය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 21-17 ක් ලෙසින් පෙරමුණේ පසුවිය.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර මර්ඩෙකා කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ.

ශී‍්‍ර ලංකා පිලට නැවතත් එක්වූ ශී‍්‍රනාත් සූරියබණ්ඩාර තම කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අතර ධනුෂ්ක රන්ජන්ද උත්සාක දිනුමක් ලබාගත්තේය.

ඡයාරූපය : ඩෙනිස් මුතුතන්ති‍්‍ර

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාව තරග දෙකම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.