Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ රග්බි කී‍්‍රඩා කරන ප‍්‍රධානතම රටවල් පහ අතර පැවැත්වෙන රග්බි තරගාවලියේ කොරියානු පිලට එරෙහිව මේ මස 26 වැනිදා පැවැත්වෙන තරගයට සහභාගි වන 23 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා රග්බි සංචිතයට වර්තමාන ශ්‍රී ලංකා රග්බි පිටියේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයකු මෙන්ම සත් සාමාජික රග්බි පිලේ නායක වන ෆසීල් මරීජා ඇතුළත් කර නොමැත.
මෙම සංචිතයට මරීජා ඇතුළත් නොකළ රග්බි තේරීම් කමිටුව සංචිතයෙන් බැහැරව ඔහුව සංචාරයට ගෙන යාමට සූදානම් වන බවද වාර්තා වේ. කෙසේ වෙතත් ඔහුගේ සහභාගිත්වය මේ දක්වා ස්ථිර වී නොමැති බව වැඩි දුරටත් දැන ගන්නට තිබේ.
සංචිතය තෝරා ගන්නා විට මරීජා පෞද්ගලික සංචාරයකට සහභාගි වී සිටි බව ද වාර්තා වේ. මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස නාමල් රාජපක්‍ෂ කටයුතු කරයි.
ශ්‍රී ලංකාව සහ කොරියාව අතර මෙම තරගය ඉංචියෝන්හිදී මේ මස 26 වැනිදා කොරියානු වේලාවෙන් මධ්‍යාහන 12.00 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය:
නාමල් රාජපක්‍ෂ (නායක), සත්‍යා රණතුංග, ටෙරන්ස් හෙන්රි, ශරෝ ප‍්‍රනාන්දු, හසිත පෙරේරා, ධනුෂ්ක පෙරේරා, යෝෂිත රාජපක්‍ෂ, බිලාල් හසන්, රොෂාන් වීරරත්න, නිරෝෂන් ප‍්‍රනාන්දු, ලී කීගල්, ධනුෂ්ක රංජන්, සඳුන් හේරත්, චාමර දාබරේ, රිසා මුබාරක්, හේෂාන් කල්හාර, අචල පෙරේරා, සුහිරු ඇන්තනී, දිනේෂ් සංජීව, දුෂාන්ත ලෙව්කේ, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, චානක චන්දිමාල් සහ දිනූෂ චතුරංග
නිලධාරීන්:
ගුවන් කොමදෝරු ලෙනාඞ් රොද්‍රිගු මහතා (කළමණාකරු), ලෙනාඞ් ද සිල්වා මහතා (පුහුණුකරු), මෝතිලාල් ජයතිලක මහතා (අභ්‍යාසක) සහ ප‍්‍රියංකර බුද්ධික මහතා (භෞතචිකිත්සක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.