අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ කොළඹ පැරණි තුරඟ පිටියේදී අද (12) පැවැති තරගයෙන් නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 67-6 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.
නාවික හමුදා පිල මෙවර තරගාවලියේ ලැබූ දෙවැනි ජය මෙය වේ.
ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝල 6 කින් සහ උත්සාහක දිනුම් 5 කින් ලකුණු රැස් කළේය. සී. එච්. පිලට දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.
තරගය ආරම්භයේ සිටම නාවික හමුදා ක‍්‍රීඩකයෝ සී. එච්. පිල ඇද බැද තබා ගැනීමට සමත් විය. ඒ අනුව නාවික හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 31-3 ක් ලෙස පෙරමුණේ පසුවිය.
නාවික හමුදා පිල දෙවැනි අර්ධයේදී තවත් ගෝල උත්සාහක දිනුම් 3 ක් බැගින් සම්පූර්ණ කරමින් ලකුණු 36 ක රැස් කළේය.
යෝෂිත රාජපක්‍ෂ, රිචි ධර්මපාල, සාලිය හඳපාන්ගොඩ, දිනූෂ චතුරංග, සජිත් සාරංග, චානක චන්දිමාල්, කාංචන පෙරේරා, ලී කීගල් සහ අෂාන් මධුරංග, නාවික හමුදා පිල වෙනුවෙන් උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීමට සමත් වූහ. ගෝල ප‍්‍රවර්ථන දිනේෂ් ද සිල්වා සහ තිළිණ වීරසිංහ ගෝල ප‍්‍රවර්ථන සාර්ථක කළහ.
- 048
ඡායාරූපය - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.