ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2014) ශූරයන් ලෙස කොළඹ ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ සම්මාන ලැබූහ.
සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි.
මේ අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂ සහ පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර යන මහත්වරු සහභාගි වූහ.
සම්මාන ලැබූ පාසල්:
පළමු කොටස
කුසලාන ශූරතාව: ශූරතාව - කොළඹ ඉසිපතන විදුහල සහ අනු ශූරතාව - මහනුවර ත‍්‍රිත්ව විදුහල
පළග ශූරතාව: ශූරතාව - කොළඹ වෙස්ලි විදුහල සහ අනු ශූරතාව - කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල
බදුණ ශූරතාව: ශූරතාව - කොළඹ තර්ස්ටන් විදුහල සහ අනු ශූරතාව - මහනුවර විද්‍යාර්ථ විදුහල
පළිහ ශූරතාව: ශූරතාව - පිළියන්දල මධ්‍ය මහ විදයාලය සහ අනු ශූරතාව - කුරුණෑගල මලියදේව විදුහල
දෙවැනි කොටස
කුසලාන ශූරතාව: ශූරතාව - මොරටු මහ විදුහල සහ අනු ශූරතාව - පන්නිපිටිය ධර්මපාල විදුහල
‘බී’ කාණ්ඩය
ශූරතාව - ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ අනු ශූරතාව - ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය
තෙවැනි කොටස
ශූරතාව - මහරගම ජනාධිපති විදුහල සහ කදාන ශාන්ත සෙබස්තියන් විදුහල
වයස 20 න් පහළ 'සිංගර්' කුසලාන ලීග් රග්බි තරගාවලියේ 2014 ශූරයෝ
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.