Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ෆීජී ක්‍රීඩකයෝ හොංකොං කුසලාන දිනති

ෆීජී ක්‍රීඩකයෝ හොංකොං කුසලාන දිනති

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එච්.එස්.බී.සී.සත් සාමාජික ලෝක රග්බි ශූරතාවලියේ 7 වැනි අදියර ඊයේ හොංකොං හී නිමාවට පත් විය. හොංකොං සත්සාමාජික තරගාවලියේ අවසන් මහා තරගය වන  මෙහිදී කෙන්යාව ලකුණු 24-12කින් පරදවා පිට පිට සිවුවැනි වතාවටත් හොංකොං රග්බි කුසලාන දිනාගැනීමට ෆීජී ක්‍රීඩකයෝ සමත්වූහ.

තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු පිල කුසලාන වටයේ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 26-24කින් පරාජය කළ ෆිජී කණ්ඩායම ඊයේ දිනාගත්තේ මෙවර එච්.එස්.බී.සී.සත් සාමාජික ලෝක රග්බි ශූරතාවලියේ සිය තුන්වැනි කුසලානයි. මීට පෙර මේ තරගමාලාවේ හැමිල්ටන් සහ වැන්කුවර් තරගාවලි ශුරතා දිනාගැනීමට ඔවුහු සමත්වූහ.

මේ ජයග්‍රහණයත් සමඟ සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට ෆිජී කණ්ඩායමට හැකිවිය. ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 123කි. එහෙත් තවමත් පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 126ක් ලබා සිටින දකුණු අප්‍රිකානු පිලය. නවසීලන්තය ප්‍රසාද ලකුණු 107ක් ලබා තුන්වැනි ස්ථානයේ පසුවෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වීම නිසා දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය මෙවර හොංකොං නුවරට යවා තිබුණේ දෙවැනි පෙළ කණ්ඩායමකි.

මෙවර එච්.එස්.බී.සී.සත් සාමාජික ලෝක රග්බි ශූරතාවලියේ ආරම්භයේ සිටම ෆිජී කණ්ඩායමට දැඩි අභියෝගයක් වූ  කෙන්යාව අවසන් මහා තරගයට එක්වූයේ අවසන් පූර්ව තරගයේදී ලකුණු 21-7කින් නවසීලන්තය පරාජය කරමිනි. 

හොංකොං සෙවන්ස් තරගාවලිය ජයගැනීම අපට හරියට ලෝක කුසලානය ජයගත්තා හා සමානයි. එක දිගට පිට පිට අවුරුදු 4ක්ම හොංකොං සත්සාමාජික තරගාවලිය ජයගැනීම ඊටත් වඩා විශේෂ බව  ජයග්‍රහණයෙන් පසුව ෆිජී පිලේ නායක ජෙරී ටුවායි කියා සිටියේය.


අදහස් (0)

ෆීජී ක්‍රීඩකයෝ හොංකොං කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.