Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ක්‍රීඩා සමාජයේ සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස එම ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩකයකු වන ෆාසිල් මරීජා පත්කිරීමට ක්‍රීඩා සමාජ කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. මේ වසරේදී (2018) පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය වෙනුවෙන් මෙම පත්කිරීම සිදුකර තිබේ.
කන්ද උඩරට ප්‍රදේශයේ සාර්ථකම ක්‍රීඩා සමාජය ලෙස නම් දරා සිටින මහනුවර ක්‍රීඩා සමාජය ඉකුත් වසරේ (2017) පැවැති අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගි නොවූ අතර මේ වසරේදී ඔවුන් ඊට සහභාගි වීමට සූදානම් වන්නේ නැවත වරක් එහි ශූරතාව තමන් සතුකර ගැනීමේ අරමුනෙණි.
“වසර 15 පුරා මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමෙන් පසුව පුහුණුකරුවකු ලෙස කණ්ඩායමට දායකත්වය සැපයීමට අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාම සතුටට පත් වෙනවා.” යැයි මරීජා සිය පත්වීම සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණ.
මේ වන විට 33 වැනි වියේ පසුවන මරීජා, ඉකුත් වසරේදී රග්බි ක්‍රීඩාවෙන් සමුගත්තේ මහනුවර ක්‍රීඩා සමාජයට එවර ලීග් රග්බි ශූරතාව මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරතාවද දිනා දීමෙන් අනතුරුවය. එම තරගාවලි දෙකේදීම මහනුවර ක්‍රීඩා සමාජයට සිය අපරාජිත බව රැකගැනීමටද මරීජාගෙන් අනගි දායකත්වයක් හිමිවිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.