Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පූරුවේදී දැන් පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ රග්බි තරගාවලියේ ශ‍්‍රී ලංකා යොවුන් පිල අද (16) සහභාගි වූ දෙවැනි තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 13-24 ක් ලෙස පරාජයට පත්විය.
මෙහිදී ජයග‍්‍රාහි හොං කොං පිල ගෝල 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබීය.
ශ්‍රී ලංකා යොවුන් පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැුස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල හොං කොං පිලට හොද අභියෝගයක් යොමු කිරීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. ඒ හේතුවෙන් පළමු අර්ධය අවසන් වන විට හොං කොං පිල ලකුණු 14-8 ක් ලෙස ලකුණු 6 ක් පමණක් ඉදිරියෙන් සිටියේය.
හොං කොං ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 11 ක් රැස්කරමින් ජයග‍්‍රහණය තහවුරු කරගැනීමට සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.