Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හොං කොං තරගාවලියේ දොරටු ඇරෙයි

හොං කොං තරගාවලියේ දොරටු ඇරෙයි

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියර ලෙසින් කොළඹදී පැවැති තරගාවලියේ සිවුවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ ලෝක සත් සාමාජික රග්බි ශූරතාවලියේ හොං කොං තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ප්‍රසාද ලකුණු 27 ක් ලබා සමස්ත තරගාවලියේ අනුශූරතාව හිමිකරගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම අවස්ථාව ලැබී තිබේ.


ආසියානු සත් සාමාජික තරගමාලාවේ සමස්ත ශූරතාව දිනාගන්නා කණ්ඩායමට සහ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායමට හොං කොං සත් සාමාජික තරගාවලියේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ.


ශ්‍රී ලංකාව හොං කොං තරගාවලියට සුදුසුකම් ලැබුවේ අවසන් අදියරේ තරගාවලියේ අනුශූරයන් වූ දකුණු කොරියාවට වඩා එක් ලකුණකින් ඉදිරියෙන් සිටීම හේතුවෙනි. සමස්ත තරගාවලියේ ප්‍රසාද ලකුණු 26 ක් ලැබූ දකුණු කොරියාවට හිමිවූයේ තුන්වැනි ස්ථානයයි.  


ලබන වසරේ අප්‍රේල් මස මුල් භාගයේදී හොං කොං හී පැවැත්වෙන සත් සාමාජික තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේ වසර 2014 න් පසුවය. ලොව ප්‍රබලතම රටවල් රැසක් තරග වදින හොං කොං සත් සාමාජික තරගාවලිය ලොව පිළිගත් සත් සාමාජික රග්බි තරගාවලි වලින් එකකි.


2014 දී ෆාසිල් මරිජාගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල සිය පළමු තරගයෙන් කෙන්යාව හමුවේ ලකුණු 41--0 ක පරාජයක් ලැබූ අතර දෙවැනි තරගයේදී ලොව සත් සාමාජික රග්බි කණ්ඩායම් අතර පෙරමුණේ සිටින ෆිජී පිල හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 56--0 කිනි.


වේල්ස් කණ්ඩායම සමග පැවැති අවසන් තරගයෙන් ලකුණු 47--12 ක පරාජයක් ශ්‍රී ලංකාවට අත්විය.


අදහස් (0)

හොං කොං තරගාවලියේ දොරටු ඇරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.