Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක් පිල නාවික හමුදාවට බැට දෙයි

හැව්ලොක් පිල නාවික හමුදාවට බැට දෙයි

editorial - 2022 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (22 වැනිදා) පැවැති තරග‍යෙන් ලකුණු 21-05 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 21-0 ක් ලෙස පෙරමුණ ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වුවද, දෙවැනි අර්ධයේදී ඔවුන්ට එකදු ලකුණක් හෝ රැස්කිරීමට නොහැකි වූහ. පළමු අර්ධයේදී ලකුණු ලබාගැනීමට අසමත් වූ නාවික හමුදාවට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේද ලකුණු 5 ක් පමණි.

පළමු අර්ධයේදී හැව්ලොක් කණ්ඩායම ගෝල දිනුම් 3 ක් සමග ලකුණු රැස්කළ අතර නාවික හමුදා කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සමගිනි. නාවික හමුදාව වෙනුවෙන් අමිත් ගුණසිංහ එම උත්සාහක දිනුම ලබා ගත්තේය.

‍හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් රමේෂ් ප්‍රනාන්දු උත්සාහක දිනුම් දෙකක්ද, අසිත පුංචිහේවා එක් උත්සාහක දිනුමක්ද ලබාගත් අතර එම උත්සාහක දිනුම් තුනේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ සන්දේෂ් ජයවික්‍රම විසිනි.

හැව්ලොක් කණ්ඩායමේ සන්දේෂ් ජයවික්‍රම, මතීෂ සරත්චන්ද්‍ර සහ උමේෂ් මධුෂාන්ද, නාවික හමුදා කණ්ඩායමේ ධනංජය සෙනෙවිරත්න සහ අමිත ගුණසිංහද මෙම තරගයේදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කඩ්පත් ලැබූහ.  


අදහස් (0)

හැව්ලොක් පිල නාවික හමුදාවට බැට දෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.