Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර අද (12 වැනිදා) හැව්ලොක් පිටියේදී පැවැති තරගයෙන් ලකුණු 20-17 ක තියුණු ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති හැව්ලොක් ක්‍රීඩා සමාජය එම තරග 4 ම ජයගෙන තවදුරටත් සිය අපරාජිත බව රැකගෙන සිටියි.
ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ හැව්ලොක් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-03 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. සී.එච්. ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ දඬුවම් පහරක් සමගිනි. තරගයේ 3 වැනි විනාඩියේදී සී.එච්. ක්‍රීඩා සමාජයට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගත් තේනුක නානායක්කාර සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.
පළමු අර්ධයේදී අසිත පුංචිහේවා (20 වැනි විනාඩියේදී) සහ තීක්ෂණ දසනායක (35 වැනි විනාඩියේදී) හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ. ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පත් කිරීමට සන්දේෂ් ජයවික්‍රම සමත් විය.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් දෙකක් ලබාගැනීමට සී.එච්. ක්‍රීඩා සමාජය සමත් වෙද්දී, හැව්ලොක් ක්‍රීඩා සමාජයට සාර්ථක කරගත හැකි වූයේ එක් දඬුවම් පහරක් පමණි. කෙසේ වුවත් පළමු අර්ධය නිමාවන විට රඳවාගත් ලකුණු පරතරය හේතුවෙන් තරගයේ ජය තමන් සතුකර ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජයට හැකි විය.
එම අර්ධයේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ගනුක දිසානායක 58 වැනි විනාඩියේදීද, ජනිඳු දිල්ෂාන් දිසානායක 77 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් වාර්තා කළ අතර එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කර ගැනීමට තේනුක නානායක්කාර සමත් විය. අවසන් විනාඩියේදී හැව්ලොක් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක සාර්ථක කරගනු ලැබුවේ සන්දේෂ් ජයවික්‍රම විසිනි.
සී.එච්. ක්‍රීඩා සමාජයේ ෂෙහාන් ඩයස් තරගයේ 31 වැනි විනාඩියේදීද, හැව්ලොක් කණ්ඩායමේ මලීෂ ජයරතන සහ චරණ චාමිකර තරගයේ 69 වැනි සහ 74 වැනි විනාඩිවලදීද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගය තුළදී හැව්ලොක් කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 5 ක්ද, සී.එච්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 6 ක්ද සිදු කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.