Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 36-14 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තරග 2 කදී ජයග්‍රහණය 2 ක් ලබා සිටින හැව්ලොක් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද සමත් වූහ.
ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ හැව්ලොක් ක්‍රීඩකයෝ පළමු අර්ධය නිමාවන විට ලකුණු 19-0 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. එහිදී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් අස්මීර් ෆාජුඩීන් උත්සාහක දිනුම් දෙකක්ද (සිවුවැනි සහ 30 වැනි විනාඩිවලදී), මලීෂ ජයරත්න (14 වැනි විනාඩියේදී) එක් උත්සාහක දිනුමක්ද ලබාගත්හ.
එම උත්සාහක දිනුම් 3 න් 2 ක ප්‍රවර්ථන සාර්ථක කරගත් සන්දේෂ් ජයවික්‍රම එ්වා ගෝල බවට පත් කළේය. කෙසේ වුවත් පළමු අර්ධයේ 22 වැනි සහ 40 වැනි විනාඩිවලදී හැව්ලොක් කණ්ඩායමේ ජනිඳු යසස් ප්‍රනාන්දු සහ මිතුන් හපුගොඩ, විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ.
පළමු අර්ධයේදී ලකුණු ලබා ගැනීමට අපොහොසත් වූ යුද හමුදා කණ්ඩායම, දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 8 ක් ගතවන විට ගෝල දිනුම් දෙකක් ලබාගනිමින් 19-14 ක් ලෙස ලකුණු පරතරය අඩුකර ගැනීමට සමත් විය. දෙවැනි අර්ධයේ 43 වැනි සහ 47 වැනි විනාඩිවලදී යුද හමුදාව වෙනුවෙන් ධනුෂ්ක තලවත්ත උත්සාහක දිනුම් 2 ක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ තරිඳු මධුෂාන් විසිනි.
කෙසේ වුවත් දෙවැනි අර්ධයේ 61 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සර්ථක කරගනිමින් වැඩ ඇල්ලූ හැව්ලොක් ක්‍රීඩකයෝ, 64 වැනි සහ 71 වැනි විනාඩිවලදී ගෝල දිනුම් දෙකක් වාර්තා කරමින් සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 17 ක් එක් කළහ. පළමු අර්ධයේදී කහකාඩ් පතක් ලැබූ මිතුන් හපුගොඩ සහ උත්සාහක දිනුම් 2 ක් ලැබූ අස්මීර් ෆාජුඩීන් දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම බැගින් ලබාගත්හ.
දෙවැනි අර්ධයේදී හැව්ලොක් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගත් සන්දේෂ් ජයවික්‍රම, ඉන් නොනැවතී උත්සාහක දිනුම් දෙකේ ප්‍රවර්ථනයන්ද සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.