Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සූරියබණ්ඩාර - යෝෂිත - එමෝරි යළි එති

සූරියබණ්ඩාර - යෝෂිත - එමෝරි යළි එති

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කළාපීය සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර වන මැලේසියානු සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සහ අනිද්දා (6 සහ 7) දෙදින පැවැත්වේ. හොං කොංහිදී පැවැති මෙම තරගමාලාවේ පළමු අදියරේදී ශ්‍රී ලංකා පිල සිව්වැනි ස්ථානයට පත්විය.

පළමු අදියරට සහභාගි නොවූ ශ්‍රීනාත් සූරියබණ්ඩාර, යෝෂිත රාජපක්‍ෂ සහ ෆීජි ක‍්‍රීඩකයකු වන එමෝරි යන ක‍්‍රීඩකයෝ නැවතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට එකතු වී සිටිති. කෙසේ වෙතත් පළමු අදියරට සහභාගි වූ ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන සදුන් හේරත් ආබාධයකට ලක්වීම නිසා මැලේසියානු තරගාවලිය අහිමිවී තිබේ.

ශ්‍රී ලංකා පිල පළමු වටයේදී කසකස්තානය සහ චීනයට එරෙහිව අද (06) තරග කිරීමට නියමිතය.

මෙම තරගාවලියට හොං කොං, පිලිපීනය, තායිලන්තය, ශ‍්‍රී ලංකාව, චීනය, කසකස්තානය, ජපානය, සිංගප්පූරුව, චීන තායිපේ, දකුණු කොරියාව, මැලේසියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහභාගි වෙති.  

ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම:
ෆාෂීල් මරීජා (නායක), දිනූෂ චතුරංග, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, යෝෂිත රාජපක්‍ෂ, සුදර්ශන මුතුතන්ත‍්‍රි, ධනුෂ්ක පෙරේරා, රිචඞ් ධර්මපාල, නයිජල් රත්වත්තේ, ෂෙහාන් පතිරණ, ගයාන් වීරරත්න, අනුරුද්ධ විල්ලර සහ එමෝරි


අදහස් (0)

සූරියබණ්ඩාර - යෝෂිත - එමෝරි යළි එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.