Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තරග මේ මස 12 සහ 13 දෙදින (හෙට සහ අනිද්දා) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙයි. හෙට පස්වරු 1.30 ට මේ තරගාවලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියට සමගාමීව පැවැත්වෙන අවුරුදු 18න් පහළ පාසල් රග්බි තරගාවලියෙනි.
ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන්නකි.
පළමු අදියර නිමාවේ ප්‍රසාද ලකුණු සටහන | |
මොබිටෙල් ඊගලස් සොෆ්ට්ලෝජික් වොරියර්ස් කාගිල්ස් ග්ලැඩියේටර්ස් ඊසි වුල්ව්ස් කේ.බී.එස්.එල්.ඩ්‍රැගන්ස් එටිසලාට් පැන්තර්ස් වෝකර්ස් සී.එම්.එල්.වයිපර්ස් ඇක්සස් කිංග්ස් |
ලකුණු 30 ලකුණු 25 ලකුණු 21 ලකුණු 17 ලකුණු 13 ලකුණු 9 ලකුණු 5 ලකුණු 1 |
මේ තරගාවලියේ පළමු අදියරේ තරග පසුගිය සති අන්තයේ නිමාවට පත්වූ අතර එක් එක් කණ්ඩායම් ලබාගත් ප්‍රසාද ලකුණු අනුව දෙවැනි අදියරේ තරගාවලියට කණ්ඩායම් එක්වෙයි. දෙවැනි අදියරේදී ‘ඒ‘ කාණ්ඩය යටතේ ඊගල්ස්, වුල්ව්ස්, ඩ්‍රැගන්ස් සහ කිංග්ස් කණ්ඩායම් තරග වදින අතර වොරියර්ස්, ග්ලැඩියේටර්ස්, පැන්තර්ස් සහ වයිපර්ස් කණ්ඩායම් ‘බී‘ කාණ්ඩයෙන් තරග වදිති.
තරගාවලිය අවසානයේදී ලබාගන්නා ප්‍රසාද ලකුණු අනුව කුසලාන, පළඟ, පළිහ සහ බඳුන තරග අංශවලින් සමස්ත ජයග්‍රාහකයා තීරණය කෙරේ. පළමු අදියරේ කුසලාන වටයේ අවසන් මහා තරගයෙන් සොෆ්ට්ලොජික් වොරියර්ස් පිල ලකුණු 21-14 කින් පරාජය කළ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.
පාසල් රග්බි ක්‍රීඩකයන්ට සිය දස්කම් මුවහත් කරගැනීමේ ඉඩ ප්‍රස්ථාව දීම සඳහා මේ තරගාවලියට ඇතුලත් කළ පාසල් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති පළමු අදියරේ ජය කුසලාන වටයේ අවසන් තරගයෙන් මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 31--12 කින් පරාජය කළ බම්බලපිටිය සාන්ත පීතර විදුහලට හිමිවිය.
ක්‍රීඩා සමාජ තරගාවලියේ මෙන්ම පාසල් තරගාවලියේදීද සමස්ත ශූරයන් තෝරාගනු ලබන්නේ එක් එක් කණ්ඩායම් ලබාගන්නා ප්‍රසාද ලකුණු අනුවය.
පාසල් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන | |
සාන්ත පීතර විදුහල සාන්ත ජෝශප් විදුහල ඉසිපතන විදුහල වෙස්ලි විදුහල සහිරා විදුහල ඩී.එස්.සේනානායක විදුහල සාන්ත තෝමස් විදුහල වේල්ස් කුමර විදුහල |
ලකුණු 30 ලකුණු 25 ලකුණු 21 ලකුණු 17 ලකුණු 13 ලකුණු 9 ලකුණු 5 ලකුණු 1 |
- 088
ඡායාරූප : වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.