
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 34-28 ක පෙරළිකාර ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මෙවර ලීග් තරගාවලියේ පළඟ ශූරයන් වූ ගුවන් හමුදාව අද (27 වැනිදා) සමත් විය.
මෙවර අන්තර් සමාජ පළමු පෙළ ලීග් තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේදී ලකණු 31-29 ක් ලෙස ගුවන් හමුදාව පරාජය කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් වූ අතර එම තරගාවලිය අවසානයේ සී.එච්. කණ්ඩායම ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයටත්, ගුවන් හමුදාව පස්වැනි ස්ථානයටත් පත්විය.
පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ කරමින් කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී අද පැවැති තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 22-21 ක් ලෙස ගුවන් හමුදාව ඉදිරියෙන් පසුවිය. එහිදී ගුවන් හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින්ද, සි.එච්. ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 ක් මගින්ද ලකුණු ලබාගත්හ.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යවට තවත් ලකුණු 12 ක් එක්කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයන් සමත් වෙද්දී, සී.එච්. ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වෙද්දී ලකුණු 34-28 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.