
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ නමවැනි යටතේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර සෙනුසුරාදා (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 69-24 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මෙම තරගාවලියේදී ලැබූ 3 වැනි ජය මෙන්ම නාවික හමුදාව මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ 8 වැනි පරාජයද මෙය විය. උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් එහිදී සී.එච්. කණ්ඩායමට ප්‍රසාද ලකුණක් හිමි විය.
කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාතංශ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 29-17 ක් ලෙස පෙරමුණ ගත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 40 ක් එක්කර ගත්හ. නාවික හමුදා ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.
පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබාගත් සී.එච්. කණ්ඩායම දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළේය. පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර මගින් ලකුණු ලබාගත් නාවික හමුදා කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් මගිනි.
මෙම තරගයේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් නිරෝෂ් පෙරේරා, පසිඳු බණ්ඩාර සහ දිල්හාර රණසිංහ උත්සාහක දිනුම් 2 ක් බැගින්ද, තනූජ මාලිම්බඩ, ජනිඳු දිල්ෂාන්, රවිඳු හෙට්ටිආරච්චි, මලික්ෂ පෙරේරා සහ හර්ෂ මධුරංග එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. නාවික හමුදාව වෙනුවෙන් තිළිණ වීරසිංහ, අපූර්ව විජේසිංහ සහ ඉසුරු පෙරේරා උත්සාහක දිනුම බැගින් ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.