Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ සී.එච්. පිල පරදවති
අන්තර් සමාජ ලීග් රග්බි

සී.ආර්. ක්‍රීඩකයෝ සී.එච්. පිල පරදවති

editorial - 2022 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගැමුණු චේතිය...

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර අද (5 වැනිදා) ලොන්ඩන් පෙදෙසේදී පැවැති තරග‍යෙන් ලකුණු 27-22 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 3 කට සහභාගි වී සිටින සී.ආර්. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය‍.

ගෝල දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ සී.ආර්. ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-12 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. සී.එච්. ක්‍රීඩා සමාජය පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගිනි. 7 වැනි විනාඩියේදී සී.ආර්. පිලට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගත් යසස් කවිඳු මුතුතන්ත්‍රිගේ සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.

පළමු අර්ධයේදී මර්ෂීඩ් දොරේ (11 වැනි විනාඩියේදී), නායක කවිඳු කොස්තා (36 වැනි විනාඩියේදී) සහ ‍ධනංජය දේවගේ (40 වැනි විනාඩියේදී) සී.ආර්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ. එම උත්සාහක දිනුම් තුනෙහිම ප්‍රවර්ථන සාර්ථක කරගනිමින් ඒවා ගෝල දිනුම් බවට පත් කරනු ලැබුවේ යසස් කවිඳු මුතුතන්ත්‍රිගේ විසිනි.

පළමු අර්ධයේ 18 වැනි සහ 20 වැනි විනාඩිවලදී සී.එච්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔමල්ක ගුණරත්න සහ අවිෂ්ක ලී උත්සාක දිනුම් ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට හිරුෂ සම්පත් සමත් විය. ඒ අනුව සී.අර්. කණ්ඩායමට වඩා ලකුණු 12 ක් පසුපසින් සිටිමන් සී.එච්. ක්‍රීඩකයෝ පළමු අර්ධය නිමා කළහ.

දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායම උත්සාහක දිනුම් දෙකක් සමග ලකුණු 10 ක් ලබාගනිද්දී, සී.අර්. කණ්ඩායමට ලකුණු ලබාගත හැකි වූයේ දඬුවම් පහරක් මගින් පමණි. සී.එච් කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාත් මධුෂංක (47 වැනි විනාඩියේදී) සහ ගනුක දිසානායක (51 වැනි විනාඩියේදී) එම උත්සාහක දිනුම් දෙක ලබාගත් අතර සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් යසස් කවිඳු මුතුතන්ත්‍රිගේ (55 වැනි විනාඩියේදී) දඬුවම් පහර  සාර්ථක කරගත්තේය.

සී.ආර්. ක්‍රීඩා සමාජ කණ්ඩායමේ කවීන් ශ්‍රී විකුම් තරග‍යේ 61 වැනි විනාඩියේදීද, සී.එච්. ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පණ්ඩුක අංගම්මන තරග‍යේ 69 වැනි විනාඩියේදීද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගය තුළදී සී.ආර්. කණ්ඩායම ක්‍රීඩක අ‍ාදේශ කිරීම් 8 ක්ද, සී.එච්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 9 ක්ද සිදු කළහ.

 

 

ඉඳුවර රණතුංග...

(ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ..)

 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ සී.එච්. පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.