Last Update  :  2026-02-27 21:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට
ක්ලිෆඩ් කුසලාන රග්බි

සී.ආර්. ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

editorial - 2026 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නාවික හමුදාවට එරෙහිව ලකුණු 29-15 ක පහසු ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මෙවර ලීග් තරගාවලියේ ශූරයන් වූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අද (27 වැනිදා) සමත් විය.

මෙවර අන්තර් සමාජ පළමු පෙළ ලීග් තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේදීද ලකණු 64-15 ක් ලෙස නාවික හමුදාවට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් විය. ලීග් තරගවලියේ 8 වැනි ස්ථානයට පත්වූ නාවික හමුදාව මෙම තරගාවලියට සුදුසුකම් ලැබුවේ ලකුණු 30-24 කින් ශ්‍රී ලයන්ස් කණ්ඩායම පරාජය කරමිනි.  

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-05 ක් ලෙස සී.ආර්. කණ්ඩායම පෙරමුණ ගත්තේය. එහිදී සී.ආර්. ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් සහ දඬුවම්‌ පහරක් මගින් ලකුණු ලබාගත් අතර නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු රැස්‍කළේ උත්සාහක දිනුමක් මගිනි.  

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යවට තවත් ලකුණු 12 ක් එක්කර ගැනීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, නාවික හමුදා ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වෙද්දී ලකුණු 29-15 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ.  

සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ඔමල්ක ගුණරත්න, විදුන අමනෙත්, නායක ලසිඳු කරුණාරත්න සහ සෙනුර පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් 3 ක ප්‍රවර්ථනයන් සහ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් විය. නාවික හමුදාව වෙනුවෙන් ඉසුරු පෙරේරා සහ කූජන කුලතුංග උත්සාහක දිනුම් ලබාගත් අතර කල්ප ලක්මිණ එක් ප්‍රවර්ථනයක්ද, තිළිණ වීරසිංහ දඬුවම් පහරක්ද සාර්ථක කරගත්හ. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.