Last Update  :  2025-11-16 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිලට දැවැන්ත ජයක්
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිලට දැවැන්ත ජයක්

editorial - 2025 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බී ලීගයේ (2025-26) පළමු සතියේ තරගයක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 65-08 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ ලකුණු 36-03 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. එහිදී ඔවුහු ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් ලකුණු ලබාගත් අතර ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ දඬුවම් පහරක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 3 ක්  මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 29 ක් එක්කර ගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් වෙද්දී, ශ්‍රී ලයන්ස් කණ්ඩායමට උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් සී.ආර්. කණ්ඩායමට ලකුණු 65-08 ක දැවැන්ත ජයක් හිමිවිය. 

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම වෙනුවෙන් ඒරන් කුරේරා උත්සාහක දිනුම් 3 ක්ද, චමෝද් මුතුනායක, තනූජ ජයවීර, හර්ෂ මධුරංග, ඔමල්ක ගුණරත්න, චරිත් සිල්වා, වෙනුර කෝදාගොඩ, රවිඳු අංජුල සහ සුබේර් දොරේ උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථන දිනේෂ් ද සිල්වා විසින්ද, 2 ක ප්‍රවර්ථන සුබේර් දොරේ විසින්ද සාර්ථක කරගනු ලැබූහ. 

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීමට ප්‍රනීත් සිල්වා සමත් වූ අතර ඔවුන්ට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ නේතන් ගුණරත්න විසිනි. මෙම තරගයේදී සී.ආර්. කණ්ඩායමේ නවීන් මාරසිංහ විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් 2 ක් ලැබීම හේතුවෙන් රතු කාඩ්පතක්ද ලබා පිටියෙන් ඉවත්ව ගියේය. 

 


අදහස් (0)

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.