Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු සතිය යටතේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (02) පැවැති තරගයේදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල යුද හමුදා පිලට එරෙහිව ලකුණු 21-15 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.
තරගයේ අවසන් මිනිත්තු 10 දක්වා දෙපිලම ලකුණු 15 බැගින් ලබා සම තත්ත්වයේ පසුවූ අතර සී. ආර්. පිලට ලැබුණු දඩුවම් පහර දෙක් සාර්ථක කිරීමත් සමග පෙරමුණට පැමිණියේය. යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-3 ක් ලෙස පෙරමුණේ පසුවුවද දෙවැනි අර්ධයේදී පසු බැස්සේය.
සී. ආර්. පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු රැුස් කළේය. යුද හමුදා පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.