(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ ඉරිදා (15 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 31-24 ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විදුහල පරාජය කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.
හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 17-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සුමංගල විදුහල සමත් විය. එහිදී සුමංගල විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර සාන්ත තෝමස් විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි.
දෙවැනි අර්ධ අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ සාන්ත තෝමසුවෝ, ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 19 ක් රැස්කළහ. එහිදී සුමංගල ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 7 කින් සුමංගල විදුහල පරාජය කිරීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.