අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර ගල්කිස්සේදී අද (04) පස්වරුවේ පැවැති තරගයෙන් සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 36-13 කින් ජය ලැබීමට සමත් වූහ.
සාන්ත තෝමස් විදුහල පිට පිටම ලැබූ හත්වැනි ජයත් සම`ග තව දුරටත් අපරාජිතව සිටියි.
ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල ගෝල 4 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු 36 රැුස් කළේය. ශාන්ත පීතර විදුහල සම්පූර්ණ කළ හැකි වූයේ ගෝලයක් සහ ද`ඩුවම් පහර 2 ක් පමණි.
සාන්ත තෝමස් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-10 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.