Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මරදාන සහිරා විදුහල් ආදි ශිෂ්‍යයන්ගේ ‘60 කණ්ඩායම’ අටවැනි වරට සංවිධානය කරන ආරාධිත පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය මේ මස 06 වැනිදා පෙරවරු 8.00 සිට සහිරා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් තරග පස්වරු 4.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
කණ්ඩායම් 12 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය කුසලාන, පළඟ සහ බඳුන ශූරතා සඳහා පැවැත්වේ. පළමු වටය කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර කාණ්ඩ හතරේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර කුසලාන ශූරතාව සඳහා තරග වදිති.
කුසලාන ශූරතාව සඳහා රුපියල් 50,000 ක් ද, එහි අනු ශූරතාව සඳහා රුපියල් 25,000 ක් ද පිරිනැමේ. පළඟ කුසලාන ශූරයන්ට සහ අනු ශූරයන්ට රුපියල් 20,000 ක් සහ 10,000 ක් ද, බඳුන ශූරයන්ට රුපියල් 10,000 න් ද, අනු ශූරයන්ට රුපියල් 5,000 ක් ද, පිරිනැමීමට නියමිතය.
මෙවර තරගාවලියට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම නිමි ඇඳුම් ආයතනයක් වන ‘නෝලිමිට්’ අනුග‍්‍රහය දක්වයි.
තරගාවලියට සහභාගි වන පාසල්:
ඉසිපතන විදුහල, තර්ස්ටන් විදුහල, ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, පානදුර රාජකීය විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, බොරැල්ල කේරී විදුහල, බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල, කොළඹ මහානාම විදුහල සහ සහිරා විදුහල
‘නෝලිමිට්’ ආයතනයේ අළෙවි විධායක නිලධාරී මොහොමඞ් ශව‍්‍රති මහතා විසින් මරදාන සහිරා විදුහල් ආදි ශිෂ්‍ය ‘60 කණ්ඩායම’ සභාපති ඉෆ්තිකාර් අහ්මඞ්, විදුහල්පති ටි‍්‍රෂ්වි මරිකාර් සහ සංවිධාන කමිටු එම්. එස්. මෂීර් යන මහත්වරුන්ට පිරිනමන ලද අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.