Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවූ අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව වසර 13 කට පසුව දිනා ගැනීමට සඳුන් හේරත්ගේ නායකත්වයෙන් යුත් හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජ පිල සමත් විය. සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිල අනු ශූරතාව හිමිකර ගත්තේය.
මෙම තරගාවලිය පසුගිය සති අන්තයේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්විණි.
හැව්ලොක්ස් පිල සංජීව ජයසිංහගේ නායකත්වයෙන් අවසන් වරට 2001 වසරේ සත් සාමාජික ශූරතාව දිනා සිටියේය.
කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 31-14 කින් සී.එච්. පිල පරාජය කළහ. මහනුවර ක‍්‍රීඩා සමාජ ‘ඒ’ කණ්ඩායම ලකුණු 48-7 ක් ලෙස සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරමින් කුසලාන ශූරතාවලියේ තෙවැනි ස්ථානයට පත්විය.
මහනුවර ක‍්‍රීඩා සමාජ ‘බී’ කණ්ඩායම පළග ශූරතාව ද, ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම බඳුන ශූරතාව ද, ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම පළිහ ශූරතාව ද හිමිකර ගත්තේය.
හැව්ලොක්ස් පිලේ මොහොමඞ් ෂෙරීෆ් තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩක සම්මාන දිනා ගත්තේය.
මහනුවර ක‍්‍රීඩා සමාජයේ ලවන්ග පෙරේරා උත්සාහක දිනුම් 9 ක් සම්පූර්ණ කරමින් වැඩිම උත්සාහක දිනුම් සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
පසුගිය වසරේ සත් සාමාජික රග්බි ශූරතාව දිනූ අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල මෙවර තරගාවලියට සහභාගි නොවූ අතර එම ක‍්‍රීඩා සමාජය මේ වන විට අක‍්‍රීය තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.
තරග ප‍්‍රතිඵල
කුසලාන ශූරතා අවසන් මහ තරගය
හැව්ලොක්ස් පිල විසින් ලකුණු 31-14 කින් සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිල පරාජය කරන ලදී.
කුසලාන ශූරතා තෙවැනි ස්ථානය සඳහා තරගය
මහනුවර ක‍්‍රීඩා සමාජ ‘ඒ’ පිල විසින් ලකුණු 48-7 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරන ලදී.
පළඟ ශූරතා අවසන් මහ තරගය
මහනුවර ක‍්‍රීඩා සමාජ ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 26-17 කින් යුද හමුදා ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.
බඳුන ශූරතා අවසන් මහ තරගය
ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 29-7 කින් යුද හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
පළිහ ශූරතා අවසන් මහ තරගය
ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 24-7 කින් නාවික හමුදා සී හෝස් කණ්ඩායම පරාජය කරන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.