Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සති අන්තය තීරණාත්මකයි

සති අන්තය තීරණාත්මකයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගාවලියේ අවසන් සතියේ හෙට සහ අනිද්දා (21 සහ 22) පැවැත්වෙන තරග වඩාත් තීරණාත්මක වී තිබේ.

හෙට (21) පැවැත්වෙන තරගයේදී ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට ති‍්‍රත්ව විදුහල් පිල සමත්ව, හෙට තරගයේදී ඉසිපතන විදුහල පරාජය වුවහොත් ලීග් ශූරතාව දිනාගැනීමේ අවස්ථාව ති‍්‍රත්ව පිලට තිබේ. එහෙත් ඉසිපතන විදුහල සහ කිංග්ස්වුඞ් විදුහලට අතර අනිද්දා (22) පැවැත්වෙන තරගයෙන් ඉසිපතනය ජය ලැබුහොත් ඉසිපතන විදුහලට මේ වසරේ ලීග් ශූරතාව දිනාගත හැකිය.

හෙට පැවැත්වෙන තරගයේදී ත‍්‍රිත්ව විදුහල පරාජය වී අනිද්දා පැවැත්වෙන තරගයේදී ඉසිපතනය පරාජය කිරීමට කිංග්ස්වුඞ් විදුහල සමත් වුවහොත් කිංග්ස්වුඞ් විදුහලට ද ශූරතාව දක්වා පැමිණීමේ අවස්ථාව තිබේ.

ඉසිපතන විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 41 ක් ලබා පළමු ස්ථානයේ ද, ත‍්‍රිත්ව විදුහල ප‍්‍රසාද ලකුණු 39 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, පසු වෙයි. කිංග්ස්වුඞ් විදුහල ප‍්‍රසාද ලකුණු 36.5 ක් ලබා තෙවැනි ස්ථානයේ සිටියි.


හෙට (21) පැවැත්වීමට නියමිත තරග

  • මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී
  • ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ගල්කිස්සේදී
  • මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර සී. ආර්. පිටියේදී

අනිද්දා (22) පැවැත්වෙන තරගය

  • ඉසිපතන විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී  

 


අදහස් (0)

සති අන්තය තීරණාත්මකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.