Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු පස්කොන් රග්බි තරගාවලියට මහනුවර කී‍්‍රඩා සමාජයේ ෂෝන් විජේසිංහ කැඳවීමට ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව පියවර ගෙන ඇත. ඔහු පසුගිය මාර්තු මාසයේ නිමා වූ ක්ලිෆඞ් කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගත්තේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ ශක්තිමත් කිරීමේ අමුණින් ඔහු නැවතත් කැඳවීමට ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව කටයුතු කර ඇති අතර ඒ සඳහා ෂෝන් ද සිය එකඟතාව ප‍්‍රකාශ කර ඇත. ඔහු මීට පෙර මෙම තරගාවලියේ දී කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත්කර තිබිණ.
නමුත් මෙම තරගාවලිය සඳහා නම් කළ සංචිතයෙන් මිට පෙර තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඉදිරිපෙළ කී‍්‍රඩකයන් වන හැව්ලොක් කණ්ඩායමේ ෂෙහාන් පතිරණ, සුදර්ශන මුතුතන්ත‍්‍රි හා ෂෙනාල් ඩයස්, නාවික හමුදා කණ්ඩායමේ කළණ අමරසූරිය, බිලාල් හසන්, හසිත පෙරේරා ආබාධ වලට ලක්වීම හා පෞද්ගලික හෝතු මත ඉවත්ව ඇත.
තරගාවලියේ අවසන් 30 දෙනාගේ සංචිතය මේ වන විට තෝරාගෙන අවසන් අතර හෙට අවසන් 25 දෙනා තෝරා ගැනීමට නියමිතව ඇත. ආසියානු පස්කොන් තරගාවලිය එළැඹෙන මැයි මස 03 වැනිදා සිට 09 වැනිදා දක්වා පිලිපීනයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.