Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ‍්‍රී ලංකා රග්බි පිල ජපානයට පරදී

ශ‍්‍රී ලංකා රග්බි පිල ජපානයට පරදී

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ‍්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවරදී ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගි වන ආසියානු කණ්ඩායම තෝරා ගැනීමේ පිරිමි තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා පිල අවසන් පූර්ව තරගයේදී ජපානය හමුවේ පරාජයට පත්විය.

හොං කොං හිදී අද (08) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ජපාන කණ්ඩායම විසින් ලකුණු 43-0 කින් ශ‍්‍රී ලංකාව පරාජය කරන ලදි. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-0 ක් ලෙස ජපානය පෙරමුණ ගෙන සිටියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද පෙරවරුවේ පැවැති තරගයේදී ලකුණු 50-5 ක් ලෙස පිලිපීනය පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්හ.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (07) සහභාගි වූ තරගවලදී ශ‍්‍රී ලංකා පිල විසින් 24-10 ක් ලෙස මැලේසියාව ද, 31-10 ක් ලෙස ඉරානයද පරාජය කරන ලද අතර හොං කොං පිල හමුවේ 27-12 කින් පරාජයට පත්විය.  

 


- 048


අදහස් (0)

ශ‍්‍රී ලංකා රග්බි පිල ජපානයට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.