Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ පැවැත්වෙන 2015 ලෝක කුසලාන රග්බි තරගාවලියේදී තරග විනිසුරුවරයෙකු වෙත රග්බි පන්දුව පිළිගැන්වීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවේ නැගී එන රග්බි ක‍්‍රීඩකයෙකුට හිමිවනු ඇත. වයස අවුරුදු 8 සිට 15 දක්වා වයසේ පසුවන යොවුන් රග්බි ක‍්‍රීඩකයකුට මෙම අවස්ථාව දීම සඳහා 2015 රග්බි ලෝක කුසලාන තරගාවලියේ නිල සහකරුවකු වන ඞී. එච්. එල්. සමාගම සූදානමින් සිටියි.
රග්බි ක‍්‍රීඩා කරන පළමු පෙළ පාසල් 36 කින් පාසල් කී‍්‍රඩකයන් 80 දෙනෙකු තෝරා ගැනෙන අතර එසේ තේරී පත්වන කී‍්‍රඩකයන් රග්බි සැණකෙළියක් සඳහා සහභාගී කරවනු ඇත.
රග්බි ක‍්‍රීඩාවේ තාක්ෂණික අංශය පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා ජාතික රග්බි කණ්ඩායම විසින් මොවුන් සඳහා විශේෂ රග්බි පුහුණු සැසියක් පවත්වනු ලබයි. එම පුහුණු සැසියේදී දක්වන දස්කම් අනුව කී‍්‍රඩකයන් 20 දෙනෙක් තෝරා ගැනේ.
අවසන් වටයට සුදුසුකම් ලබන තරගකරුවන් තෝරා ගැනීම සඳහා අන්තර්ජාල මත විමසුමක් පැවැත්වෙන අතර, ඞී. එච්. එල්. සමාගම, ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සංගමය සමග එක්ව පූර්ව නිශ්චිත ක‍්‍රමවේදයකට අනුව එංගලන්තය බලා යන කී‍්‍රඩකයා තෝරා ගනු ලබයි.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යන එම කී‍්‍රඩකයාට, ගුවන් ප‍්‍රවේශපත් දෙකක්, නිල ඇඳුමක්, ඞී. එච්. එල්. රග්බි පන්දුවක්, තරගය පැවැත්වෙන ක‍්‍රීඩාංගණය වෙත යාමට සහ ඒමට ප‍්‍රවාහන පහසුකම්, දින දෙකක් සඳහා නවාතැන් පහසුකම් සමගින් සිහිවටනයක් ලෙස තරගයේ පන්දුව පිරිනැමීමේ අවස්ථාව දැක්වෙන ඡුායාරූපයක් හිමි වේ.
කී‍්‍රඩකයාගේ මව, පියා හෝ භාරකරුවාටද ඔහු සමග සංචාරය සඳහා එක් විය හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.