Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පැරැණි තුරග තරග පිටියේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියරේ තරගාවලියේ මූලික වටයේදී ගෝල වරුසාවකින් සිංගප්පූරුව තෙමා දැමූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ලකුණු 66-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වූහ.
ආරම්භයේ සිට මුලූ තරගය පුරාම සිය අණසක රිසි සේ පැතිරවූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ගෝල් 8 ක් සහ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් මේ විශිෂ්ට ජයග‍්‍රහණයට හිමිකම් කීහ. තරගය පුරා විශිෂ්ට කී‍්‍රඩා රටාවක නිරතවූ නායක ධනුෂ්ක රන්ජන් සහ තරිඳු රත්වත්ත උත්සාහක දිනුම් ති‍්‍රත්වය බැගින් වාර්තා කිරීම කැපී පෙනුණි.
තරගයේ පළමු මිනිත්තුවේ දීම ශී‍්‍රනාත් සූරියබණ්ඩාර තැබූ ආකර්ශනීය උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ ශී‍්‍ර ලංකාව පිල වෙනුවෙන් නායක ධනුෂ්ක රන්ජන්, තරිඳු රත්වත්ත සහ රිචඞ් ධර්මපාල ලකුණු එකතු කළහ. තරගයේ පළමු භාගය නිමාවට පෙර නායක ධනුෂ්ක දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළ අතර දුලාජ් පෙරේරාගේ පා පහරින් සියලූ උත්සාහක දිනුම් ගෝල බවට පත්වූයේ ලකුණු 35-0 කින් ශී‍්‍ර ලංකා පිල ඉදිරියේ තබමිනි.
දෙවැනි භාගයේ ආරම්භයේදීම සිය උත්සාහක දිනුම් ති‍්‍රත්වය සම්පූර්ණ කිරීමට නායක ධනුෂ්ක සමත්වූ අතර ඊට මොහොතකට පසුව පිට පිට උත්සාහක දිනුම් දෙකක් තැබූ තරිඳු රත්වත්තද සිය උත්සාහක දිනුම් ති‍්‍රත්වය සම්පූර්ණ කළේ ලකුණු 54-0 කින් ශී‍්‍ර ලංකා පිල ඉහළට ඔසවා තබමිනි.
දෙවැනි භාගයේ පස්වැනි මිනිත්තුවේ දී කවිඳු පෙරේරා ද, අවසන් මිනිත්තුවේ දී හිරන්ත පෙරේරා ද උත්සාහක දිනුම් වාර්තා කළ අතර තරගය පුරා උත්සාහක දිනුම් 8 ක්ම ගෝල බවට පත් කිරීමට දුලාජ් පෙරේරාට හැකිවිය.
දෙවැනි වටයේ සෙසු තරගවල දී පෙරළිකාර සිදුවීම වූයේ නොම්මර එකේ කණ්ඩායම ලෙස තරගාවලියට එක්ව සිටින හොං කොං පිල මැලේසියාව හමුවේ ලකුණු 19-14 කින් පරාජයට පත්වීමයි. මේ අතර ලකුණු 45-14 කින් ජපානය පරාජය කිරීමට දකුණු කොරියාව සමත්වූ අතර චීන තායිපේ පිල ලකුණු 28-0 කින් චීනය හමුවේ පරාජයට පත්විය.
ඡායාරූපය : ප‍්‍රසන්න ඉරුගල්බණ්ඩාර
-066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.