Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ‍්‍රසීලයේ රියෝ ද ජනයිරෝහිදී ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ආසියානු කලාපයෙන් සුදුසුකම් ලැබීමේ පිරිමි සහ කාන්තා තරගාවලිය මේ මස 7 සහ 8 දෙදින හොං කොංහිදී පැවැත්වේ.
මෙම තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සුදර්ශන මුතුතන්ත‍්‍රි කටයුතු කරයි. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මේ වන විටත් හොං කොං රාජ්‍යයට ළගා වී සිටිති.
ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායම මෙම තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර එම කාණ්ඩයට හොං කොං, මැලේසියාව, පිලිපීනය සහ ඉරානය ඇතුළත්ව තිබේ.
තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට ජපානය, දකුණු අප‍්‍රිකාව, චීනය, සිංගප්පූරුව සහ චීන තායිපේ යන රටවල් ඇතුළත්ව ඇත.
තරගාවලියේ පළමු දිනය වන 7 වැනිදා ඉරානයට, මැලේසියාවට සහ හොං කොං පිලට එරෙහිව ද, දෙවැනි දිනයේ පිලිපීනයට එරෙහිව ද, ශ‍්‍රී ලංකා පිල තරග කිරීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කාන්තා රග්බි පිල අද (05) පෙරවරුවේ ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.
ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි (පිරිමි) සංචිතය:
රිචඞ් ධර්මපාල, කාංචන රත්නායක, ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර, සුදර්ශන මුතුතන්ත‍්‍රි, ෂෙනාල් ඩයස්, ස`දුන් හේරත්, හිරන්ත පෙරේරා, ෆාෂීල් මරීජා, නයිජල් රත්වත්ත, ගයාන් වීරරත්න, අනුරුද්ධ විල්ලර සහ ධනුෂ්ක රංජන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.