Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශී‍්‍ර ලංකා රග්බි පිලෙන් යෝෂිත - රෝහිත හැළෙති

ශී‍්‍ර ලංකා රග්බි පිලෙන් යෝෂිත - රෝහිත හැළෙති

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වෙන ආසියානු පළමු පෙළ රග්බි තරගාවලියට සහභාගීවන ශී‍්‍ර ලංකා කණ්ඩායම නම්කරනු ලැබ තිබේ. ෆසිල් මරීජා විසින් මෙහෙයවනු ලබන මෙම කණ්ඩායමට කී‍්‍රඩකයෝ 25 දෙනෙක් ඇතුළත්ව සිටිති.

කෙසේ වෙතත් පසුගිය වසර කිහිපයේදීම, දිගින් දිගටම ශී‍්‍ර ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ නාමල් රාජපක්‍ෂ, යෝෂිත රාජපක්‍ෂ සහ රෝහිත රාජපක්‍ෂ සෙහොයුරන් තිදෙනාගෙන් කිසිවකු මෙම කණ්ඩායමට ඇතුළත්ව නැත.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුද වන නාමල් රාජපක්‍ෂ පසුගිය වසරේදී රග්බි කී‍්‍රඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළ නමුත් නාවික හමුදා පිල නියෝජනය කළ යෝෂිත රාජපක්‍ෂ හෝ යුද හමුදා පිල නියෝජනය කළ රෝහිත රාජපක්‍ෂ රග්බි කී‍්‍රඩාවෙන් සමුගත් බවක් ප‍්‍රකාශ නොවිණ.

ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පසුව අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ වූ නමුත් යෝෂිත රාජපක්‍ෂ එකම තරගයකට හෝ සහභාගි නොවූ අතර ආරාධිත කී‍්‍රඩකයකු වශයෙන් යුද හමුදා පිල නියෝජනය කළ රෝහිත රාජපක්‍ෂ සහභාගි වූයේද තරග දෙකකට පමණි.

යෝෂිත රාජපක්‍ෂ අවස්ථා කිහිපයකදීම ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමේ නායකයා වශයෙන්ද කටයුතු කළේය.

පිලිපීනයේදී පැවත්වෙන ආසියානු පළමු පෙළ රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල සහභාගි වන පළමු තරගය මේ මස 6 වැනිදා ශී‍්‍ර ලංකාව සහ කසක්ස්තානය අතර පැවැත්වේ. දෙවැනි තරගය එදිම පිලිපීනය සහ සිංගප්පූරුව අතර පැවැත්වේ

මෙම තරග දෙකේදී පරාජය වන කණ්ඩායම්9 වැනිදා පස්වරු 4.00 ට තරග වදින අතර ජයග‍්‍රහණය කරන කණ්ඩායම් අතර තරගය 9 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම

ප්‍රොප් කී‍්‍රඩකයෝ - දුෂ්මන්ත පි‍්‍රයදර්ශන, ගනුක දිසානායක, හෙන්රි ටෙරන්ස්, කිෂෝ ජෙහාන්
හුකර් කී‍්‍රඩකයෝ - දුලංජන විජේසිංහ, අචල පෙරේරා
දෙවැනි පෙළ කී‍්‍රඩකයෝ - ජේසන් මෙල්ඩර්, රන්දික අල්විස්, ශෙහාන් දිමිති‍්‍ර, ෂේන් විජේසිංහ
තෙවැනි පෙළ කී‍්‍රඩකයෝ - ශෂීක ජයවර්ධන, ශෙරෝ ප‍්‍රනාන්දු, බුවනක උදන්ගමුව, සුහිරු ඇන්තනී
ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩකයෝ - රොෂාන් වීරරත්න, කවිඳු ද කොස්තා
ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයෝ - ෆසිල් මරීජා, දුලාජ් පෙරේරා
සෙන්ටර් කී‍්‍රඩකයෝ - ධනුෂ්ක රංජන්, කාංචන රාමනායක, දිනූෂ චතුරංග
වින්ග් තී‍්‍ර කී‍්‍රඩකයෝ - සඳුන් හේරත්, ලවංග පෙරේරා
ෆුල් බැක් කී‍්‍රඩකයෝ - නයිජල් රත්වත්තේ, රීසා මුබාරක්

රෙහාන් ත්‍යාගරාජා, හිරන්ත පෙරේරා සහ අශෝක ජයලාල් තිදෙනා සූදානමින් තබා ඇති අතර අතිරේක කී‍්‍රඩකයන් ලෙස ගනිඳු ලක්ෂාන්, රාහුල් ද සිල්වා සහ අනුරාධ හේරත් තෝරාගනු ලැබ ඇත.

- 036

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා රග්බි පිලෙන් යෝෂිත - රෝහිත හැළෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.