අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර සී. ආර්. පිටියේදී අද (25) පැවැති තරගයෙන් ලකුණු 24-17 කින් ජය ලැබීමට ශාන්ත ජෝශප් විදුහල් පිල සමත් විය.
කිංග්ස්වුඞ් විදුහල් පිල ලකුණු 12-10 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට ඉදිරියෙන් සිටිය ද ශාන්ත ජෝශප් විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී වඩාත් සටන්කාමීව ක‍්‍රීඩා කරමින් ඉදිරියට පැමිණියහ.
ජයග‍්‍රාහි ශාන්ත ජෝශප් විදුහල් පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු ලැබීය. කිංග්ස්වුඞ් විදුහලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු එකතු විය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.