අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (25) පැවැති තරගයෙන් ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 30-17 ක් ලෙස ජය ලැබීමට සමත් විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-8 ක් ලෙස ශාන්ත අන්තෝනි විදුහල පෙරමුණේ පසුවිය.
ශාන්ත අන්තෝනි විදුහල ගෝල, උත්සාහක දිනුම් සහ දඩුවම් දෙක බැගින් වාර්තා කළේය. ධර්මරාජ විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබීය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.