Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේදී පැවැත්වෙන බෝර්නියෝ සෙවන්ස් ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තුන්වැනි ස්ථානය දිනාගැනීමට සමත්වූහ. තුන්වැනි ස්ථානය සඳහා සිංගප්පූරුව සමග පැවැති තරගය ලකුණු 24-5 කින් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල් 2 ක් සහ උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර සිංගප්පූරුව වාර්තා කළේ එක් උත්සාහක දිනුමක් පමණි.
පසුගිය වසරේදී මෙම තරගාවලියේ කාන්තා ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙවර තරගාවලියේදී තුන්වැනි ස්ථානය සඳහා තරග වැදීමට සිදුවූයේ අවසන් පූර්ව තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 19-12 කින් පරාජයට පත්වීම නිසාය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් තරගාවලියට එක්ව සිටියේය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.