Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාව 6 වැනි තැනට

ශ්‍රී ලංකාව 6 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගමාලාවේ දෙවැනි හා අවසන් අදියර වූ කොළඹ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 6 වැනි ස්ථානයට පත්වූහ.

කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගාවලියේදී පළඟ ශූරතාව වෙනුවෙන් හොංකොං පිල සමග තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී ලකුණු 12-5 කින් පරාජයට පත්වූහ. එම තරගයේදී ශ්‍රී ලංකාව වාර්තා කළ එකම උත්සාහක දිනුම තබනු ලැබුවේ තනූජා විරක්කොඩි විසිනි.

රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ ශූරතා අවසන් මහා තරගයට එක්වූයේ අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුව ලකුණු 34-5 කින් පරාජයට පත් කරමිනි.

අද උදැසන කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී කසකස්තානය හමුවේ ලකුණු 12-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූ අතර තරගය පුරා උත්සාහක දිනුම් 6 ක් තැබීමට සමත්වූහ. දුලානි පල්ලිකොන්දගේ ඉන් උත්සාහක දිනුම් තුනක්ම තබමින් කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූවාය. තනූජා වීරක්කොඩි උත්සාහක දිනුම් 2 ක් ගෝල බවට පත් කළාය.

ආසියානු සත් සාමාජික පිරිමි රග්බි තරගමාලාවට සමගාමීව පැවැති කාන්තා තරගමාලාවේ පළමු අදියර ලෙස පසුගියදා දකුණු කොරියාවේ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පස්වැනි ස්ථානය දිනාගත්හ.


 - 077

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 6 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.