Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වෙස්ලි පළමු ජය ලබාගනී

වෙස්ලි පළමු ජය ලබාගනී

ශනුක අරවින්ද - 2018 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වර්ෂාව නිසා මඩ සහිත පිටියක් බවට පත්වූ සී.ආර්. ක්‍රීඩාංගණයේදී ඩී.එස්.සේනානායක විදුහල් පිලට එරෙහිව ලකුණු 5-0ක් ලෙස ජයගනිමින් මෙවර අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට වෙස්ලි විදුහල් පිල සමත්විය.

පිටියේ මඩ සහිත තත්ත්වය නිසාම දෙපිලේම ක්‍රීඩකයන් අතින් පන්දුව බිමට වැටීම් ගණනාවක්ම දක්නට ලැබුණු අතර පන්දුව පිරිනැමීමේ දී දුර්වලතා රැසක් ද පෙනෙන්නට තිබිණි. අනික් අතට දෙපිලම ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් තරගයේ පළමු භාගය නිමාවට පත්වූයේ දෙපිලම ලකුණු නොලබාය.

දෙවැනි භාගයේදී දෙපිලම ලකුණු පිපාසයෙන් පෙළීම නිසා තරගය තරමක් උණුසුම් ස්වභාවයක් ගත්තේය. එහි සාර්ථක ඵල නෙලාගත් කාවින්ද පෙරේරා තරගයේ 60 වැනි මිනිත්තුවේදී පහසු උත්සාහක දිනුමක් තබමින් වෙස්ලි විදුහල් පිල ලකුණු 5-0කින් පෙරමුණට ගෙන ගියේය. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට ෆ්ලයි හාෆ් ක්‍රීඩක මුර්ෂිඞ් සුබේර් ගත් වෑයම නිශ්ඵල විය.

වෙස්ලි විදුහල් පිල අභිබවා යමින් උත්සාහක දිනුමක් තැබීමට ඩී.එස්.සේනානායක විදුහල් පිලේ ක්‍රීඩකයන් අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් ඒවා සාර්ථක නොවීය.

වෙස්ලි විදුහල - 5
උත්සාහක දිනුම් 1යි - කාවින්ද පෙරේරා

ඩී.එස්.සේනානායක විදුහල - 0

 


අදහස් (0)

වෙස්ලි පළමු ජය ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.